GossipsHollywood & Bollywood
Trending

මම වීරයෙක් නෙමෙයි..,අක්ශේ කියයි.




බොලිවුඩයේ ක්‍රියාශීලී සටන් නළුවා කියන්නේ අක්ශය කුමාර්ට. මොකද අක්ශය රඟපෑ හැම සිනමා පටයක්ම වගේ සටන් ජවනිකාවලින් පිරිලා තිබුනා. මේ නිසා කාලයක් තිබුනා අක්ශය සටන්කාමී චරිතයකටම කොටුවෙලා හිටපු. මෑත කාලය වෙන කොට නම් ඔහුට පුලුවන් වෙලා තියෙනවා මේකෙන් මිදෙන්න.

අක්ශය රඟපෑ පෑඩ් මෑන් සිනමා පටය පසුගිය කාලයේ වාර්තා පිට වාර්තා තබමින් තිරගත උනා. ඒ වගේම හවුස් ෆුල් සිනමා පටය නිසාත් ඔහු ගැන බොහෝ දෙනෙක් හිතා ගෙන හිටපු රාමුව බිඳුන එක ගැන අක්ශය ගොඩක් සතුටු වෙනවා. අතීතේ ගැන කතා කරපු අක්ශය කියලා තිබුනේ ඉස්සර සටන් ජවනිකා රූගත කරලා ගෙදර ආවම ඔහුට ඔහු ගැනම කේන්ති යනවා කියලා.

සංජය දත්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුන සංජු සිනමාපටය වගේ අක්ශය ගැනත් කරන්න අදහසක් නැද්ද කියල අහපු ප්‍රශ්නයට ඔහු කියලා තිබුනේ තමන් කවදාවත් ඒ වගේ එකක් කරන්නේ නැහැ, මොකද සැබෑ ජීවිතයේදී වීරයෙක් වෙන්න තරම් තමන් මෝඩ වැඩියි කියලා. ඒ වගේම ඊට වඩා හොද ආදර්ශමත් චරිත තියෙනවා සිනමාවට නගන්න කියලා තමයි අක්ශය කියලා තිබුනේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close