Daily News
Trending

මම ප්‍රීති සින්ටා වගේලු…




ඕෂධී කියන්නේ විවාහ වෙලා දරුවන් ලැබුණත් ශරීර හැඩයත් රූප සෝබාවත් එක වගේ ලස්සනට පවත්වාගෙන ඉන්නා සුන්දර නිළියක්. ඇය විවාහක රූ රැජන තරගයකින් පවා ජයග්‍රහණ ලැබුවා.

ඕෂධී ලස්සන වෙන්න බොහෝ දේවල් කරනවා. සතියට දින තුනක් ජිම් යනවා වගේම ඇය සිරුරට විවිධ ස්වභාවික ආලේපන වර්ග ගල්වනවා. මුළු සිරුරටම මොයිස්චර්රයිසර් ක්‍රීම් ගල්වනවා. මේ විධියට ඕෂධී සිරුරේ සුන්දරත්වය රැක ගැනීමට වෙහෙසෙන අතරේ ඇගේ රූපය සම්බන්ධයෙන් අපූරු කතාවකුත් කියනවා.

පුවත්පතකට සිදුකරපු සම්මුඛ සාකච්ඡාවකදි ඕෂධී තමන්ට තමන් ලස්සනයි කියලා හැඟුන අවස්ථාව ගැන කියලා තිබුණා. ඒ අනුව ඕෂධීට එයා ලස්සන කෙල්ලක් කියලා වැටහෙන්න පටන් ගෙන තියෙන්නේ වයස අවුරුදු එකොලහේදී විතර. ඉස්සර ඉස්කෝලේ යනකොට සමහර නංගිලා ඕෂධීගේ පන්තිය ළඟට ඇවිත් එයා දිහා බලාගෙන ඉන්නවාලු. ලස්සන අක්කාව බලන්න කියලාලු එයාලා එන්නේ. ඉස්සර ප්‍රීති ඉන්න සබන් දැන්වීමක් විකාශය වුණා ඔයාලට මතකද? අන්න ඒ දැන්වීමේ හිටපු ප්‍රීති සින්ටා ඕෂධී වගේමයි කියලා ඒ දවස්වල ගොඩක් අය කියන්න පටන් අරගෙන.

ලස්සන අම්මා කෙනෙක් වගේම ලස්සන බිරියක් කියන්නේ දරුවන්ටත් ස්වාමිපුරුෂයාටත් ආඩම්බරයක්. ඕෂධී ඒ ආඩම්බරය ඔවුන්ට ළඟා කරවපු සුන්දර ගැහැනියක්. විවාහ වුණා කියලා අපිට අපි ගැන තියෙන සැලකිල්ල අඩුවෙන්න බැහැ. විවාහ වුණාම කලින්ටත් වඩා අපි අපි ගැන හිතන්න ඕනේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close