GossipsHollywood & Bollywood
Trending

මනීෂා අර්ධ ශතකයට ළං වෙයි. ශාරුක් ඇතුළු රැසක් සුබපතන්නත් ඇවිත්.




මේ කියන්නෙ මනීෂා කොයිරාල ගැන. ඇය පසුගිය 16 වැනිදා සිය දිවියේ 48 වැනි වියට පාතැබුවා. ඒ කියන්නෙ තවත් වසර දෙකකින් ඇය අඩසියවස සම්පූර්ණ කරනවා.

මනීෂා ලංකාවෙ රසික රසිකාවියන් අතරත් බෙහෙවින්ම ජනප්‍රිය රංඟන ශිල්පිනියක්. ඇය රඟපෑ දිල්සේ, බොම්බේ, ලව්ස්ටෝරි වගේ සිනමා පට ලංකාවෙ ප්‍රේක්ෂකයන් ද ඉතා ආදරයෙන් වැළඳගත්තා.

හදිසියේම මනීෂා ඉතා භයානක පිළිකා රෝගයකටත් මුහුණ දුන්නා. ඒ පිළිබඳව ඇය පොතක් පවා ලියනවා . මාරයා සමග පොරබදලා ජීවිතය අල්ලගත්ත මනීශා දැන් නිරෝගී සුවයෙන් ජීවත් වෙනවා.

මනීෂාගෙ 48 වැනි උපන්දිනය සමරන්න ඉතාම සමීප මිතුරු මිතුරියන් කීප දෙනෙක් ඇය සමඟ එකතු වෙනවා. ඉතිං හෝටල් කාමරය සමීපතමයින් එක්ක මනීෂා ඇගේ උපන්දිනය සමරනවා. රේඛා, විදූ විනෝද්, සන්ජේ ලීලා බන්සාලි මේ උත්සවයට ඇවිත් හිටියා.

ඒ විතරක් නෙමෙයි, මනීෂට සුබ පතන්න ඇයත් එක්ක දිල්සේ චිත්‍රපටයේ ප්‍රේමනීය මෙන්ම හැඟුම්බර නිරූපනයක් කළ බොලිවුඩ් ස්ටාර් ශාරුක් ඛාන් ද සහභාගී වෙනවා. මේ හැමෝම මනීෂාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් සුබ උපන්දිනයකටත් සුබ පැතුම් එකතු කළා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close