GossipsHollywood & Bollywood
Trending

මධුරිත් දේශපාලනයට?

Madhuri Dixit




Madhuri Dixit Exclusive from Starfriends.lk

හැත්තෑව අනූව දශකයේ බොලිවුඩ් සිනමාවේ ආධිපත්‍යයක් හිමිකරගෙන සිටි මධුරි විවාහයත් සමඟ සිනමාවෙන් තරමක් ඈත් වුණා. ඒත් මධුරිට හිමිව තිබෙන රසික ආකර්ශනයේ අංශු මාත්‍රයක අඩුවක් නැහැ. ඇය රංඟනයේත් නර්තනයේත් අසීමිත දක්ෂතා පෙන්වූවා. ඇගේ සිනහවට සුවහසක් රසවතුන් ආකර්ශනය වුණා.

මේ විධියට ජනප්‍රියත්වයක් අත්පත් කරගත්තාට පස්සේ ගොඩක් අයට දේශපාලනයට එන්න ඕනේ කියන අදහස ඇතිවෙනවා. අපේ රටේත් එහෙම රංඟනයෙන් හෝ වෙනත් ක්ෂේත්‍රයකින් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන දේශපාලනයට ආපු කිහිප දෙනෙක්ම ඉන්නවා.ලෝකයේ කොහේත් ඒ තත්ත්වය එහෙමමයි.

දැන් මේ දේශපාලන උණ මධුරිටත් බෝවෙලා කියලා ආරංචියි. ලබන අප්‍රේල් මාර්තු වෙද්දි ආරම්භ වීමට නියමිත ඉන්දීය මහමැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කිරීමට මධුරි ඩික්සිත් අදහස් කරගෙන සිටින බවට වාර්තා පළවෙනවා. වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට මධුරි තරඟ කරන්නේ පූනේ ආසනයෙන් බවත් කියවෙනවා.

මේ වන විට 51 වැනි වියෙහි පසුවන මධුරි, දේශපාලනයට පිහිසෙන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැහැ කියලා මධුරිගේ නියෝජිතයෙක් කියලා තිබුණා. හැබැයි ඉතින් තවම මධුරි නම් ඒ ගැන කිසිවක් මාධ්‍යයට කියන්න ඉදිරිපත් වුණේ නැහැ. ඇය තව දුරටත් මේ පුවත රහසක් ලෙස පවත්වා ගන්න උත්සාහ කරනවා වෙන්න ඕනේ.

Madhuri Dixit Exclusive from Starfriends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close