Daily News
Trending

මට නිකම් මාධ්‍යය ප්‍රචාර වැඩක් නැහැ – වසන්ති චතුරාණී




ප්‍රවීණ රංඟන ශිල්පිනී වසන්ති චතුරාණී මහත්මිය මේ දිනවල මිණිගංදෑල කියන ටෙලි නිර්මාණයෙන් අපිට මුණගැහෙනවා. එතුමිය මේ විදියට හමුවෙන්නෙ ටික කලකට පස්සේ.

දැන් ලංකවේ හැදෙන නිර්මාණවලට එතුමිය වැනි අයව ගැලපෙන්නෙ නැති බව තමයි ඇය කියන්නෙ. ගොඩක් නිර්මාණ ඇය ප්‍රතික්ෂේප කරන මට්ටමේ ඒවාලු. ඒ අතරේ ලැබුණ මිණිගංදෑල කියන නාට්‍යයට නම් ඇය ඉතාම කැමතියි. ඉතිං මේ නිර්මාණය නිසා සමහරු කාලෙකින් තිරයේ පෙනෙන්න ගත්ත වසන්තිට සුභ පතනවාලු. ඉන්දියාවෙන් ගෙන්වන බාල ටෙලිනාට්‍යවලට වඩා මිණිගංදෑල වගේ නාට්‍ය වටා මිනිස්සු රැඳිලා ඉන්න එක ගැන වසන්තිට සතුටුයි.

අනෙක් අතට වසන්ති සාමාන්‍යයෙන් නිකම්ම නිකන් ලැබෙන මාධ්‍යය ප්‍රචාරණයට කැමැති නැහැලු. මොකක් හරි වැඩක් කරලා ඒ වැඩෙත් එක්ක ලැබෙන ප්‍රචාරණයක් මිසක කිසිම වැඩක් නොකර ලැබෙන මාධ්‍යය ප්‍රචාර වලට වසන්ති කැමති නැහැ. ඒ නිසා වසන්තිව බොහෝ විට මුණගැහෙන්නෙ නිර්මාණත් එක්ක. දැන් ඇයට චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නෙ නැහැ කියලත් ඇය කියනවා. ඒකට හේතුව දැන් හැදෙන චිත්‍රපටවලට එතුමිය වැනි අය නොගැලපෙන නිසා වෙන්න ඕනෙ කියලත් ඇය කියන්නෙ තරමක සිත් රිදීමෙන්.

Show More

Related Articles

Close