Daily News
Trending

මට එයාව දාලා යන්න බැහැ. එයා මාව හැම තිස්සේම හොයනවා – ශිරෝෂි රොමේෂිකා




නර්තන ශිල්පිනියක් වගේම රංඟන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසුණ ශිරෝෂි රොමේෂිකා ඇයගේ කලා දිවියේ ජනප්‍රියම අවදියේදී විවේක ගන්න තීරණය කරනවා.

ඇත්තටම ඒක විවේකයක් නෙමෙයි. අසීමිත වගකීම් ගොඩක්. ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක්. ශිරෝෂි අම්මා කෙනෙක් වීමේ ප්‍රීතිය භුක්ති විඳින්න ඒ විදියට රංඟනය සහ නර්තනයට සමු දෙනවා.

ඒත් අදටත් ශිරෝෂිට බෙර සද්දයක් ඇහුණොත් නටාගෙන නටාගෙන යන්න හිතෙනවලු. අවුරුද්දයි මාස දෙකක් වයසැති සිය දියණිය වෙනුවෙන් ඇය සියල්ල ඉවසනවා. දියණියගේ නම මෙරිසා අමාෂි පෙරේරා. ඔයාලා හැමෝම දන්න කියන අමල් පෙරේරා තමයි මෙරිසාගේ ආදරණීය තාත්තා.

චූටි දියණිය අමල් පෙරේරාගේ කපාපු පළුවක් බව තමයි ඇයව දකින බොහෝ අය නම් කියන්නේ. දැනටමත් මෙරිසා සින්දු අහන්න ආසයිලු. සින්දුවක් ඇහෙද්දී තාලෙට නටන්නත් දන්නවලු.

ශිරෝෂිට නිර්මාණ සඳහා ආරාධනා තවමත් අඩුවක් නැතිව ලැබෙනවා. ඒත් චූටි දියණියට අම්මා නැතුව බැහැනේ. නිදාගන්න ගියත් කොයි වෙලෙත් අම්මවම හොයනවලු. ඉතිං එයාව දාලා ශිරෝෂිට කොහේවත් යන්න විදියක් නැහැ. අමල්ටත් දුව ගැන බලන්න ලැබෙන වෙලාව හරි අඩුයි. ඔහු කාර්යබහුල නිසා. ඉතිං ශිරෝෂි දියණියව තනි කරන්න තියෙන අකමැත්තට කිසිම වැඩක් භාර ගන්නේ නැහැ. කොහොම වුණත් බබාට අවුරුදු දෙකක් දෙකහමාරක් වෙන කල් නම් ශිරෝෂිට රඟපෑමේ බලාපොරොත්තුවක් නැහැ. ඊට පස්සේ ලැබෙන විදියක් බලනවා කියලා තමයි ශිරෝෂි කියන්නේ.

Show More

Related Articles

Close