Daily News
Trending

මගේ සුදු අම්මි කියලා එයා මාව තුරුළු කරගත්තා. -උපේඛා නිර්මාණි

Upeka Nirmani




Upeka Nirmani Exclusive from Starfiends.lk

රියැලිටි තරඟ වේදිකාවේත් අතිශය දක්ෂ තරඟකරුවෙක් වූ උපේඛා නිර්මාණි (Upeka Nirmani) ඉතාම දක්ෂ ගායිකාවක්. ඇය විවාහ දිවියට පිවිසුණේත් හැමෝගෙම ආශිර්වාදය මැද්දේ. තිළිණ සහ උපේඛාගේ මේ කැදැල්ලට අලුත් සමාජිකයෙක් ඒකතු වුණේ ඊට පස්සේ. ඒ පුංචි පුතෙක්.

දරු උපතක් කියන්නේ ආශ්චර්යමත් සිදුවීමක්. ඒ අවස්ථාව අම්මා කෙනෙක්ගේ වගේම තාත්තා කෙනෙක්ගේ ජීවිතයේත් වටිනාම අවස්ථාවක්. උපේඛාටත් පුංචි පුතාව දැක්කාම ඇතිවන්නේ පුදුමාකාර ආදරයක්. කොටින්ම මේ දරුවා නේද මෙච්චර දවසක් මගේ බඩේ හිටියේ කියලා මතක් වෙලා උපේඛාගේ ඇස් දෙකට කඳුළු පිරුණාලු. උපේඛාට වගේම තිළිණටත් ඒ අවස්ථාවේ කතාකරගන්න බැරුව යනවා. ඒතරම් කියාගන්න බැරි හැඟීමක්ලු ඒක.

පුංචි පුතා ඉපදුණාට පස්සේ උපේඛාට වගේම තිළිණටත් වුවමනා වුණේ ලෝකේ තියෙන ලස්සනම නම හොයාගන්න එකලු. මේ දවස්වල දෙන්නාම වැඩිපුර මහන්සි වෙන්නේ ඒකට. උපේඛා සහ තිළිණ දෙමාපියන් බවට පත් වුණාම දෙන්නාටම කතා කරගන්න බැරිව යනවානේ. ඒත් උපේඛා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය කණට වැටුණ ගමන් තිළිණ උපේඛාව මගේ සුදු අම්මි කියලා තුරුළු කරගත්තාලු.

උපේඛා බබා ලැබෙන්න කලින් හාදුව නමින් ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය ප්‍රචාරය කරන්නේ හරියටම පුංචි පුතා ඉපදුණ දවසේ. උපේඛා මවු පදවිය භාර ගන්නේ ඒ තරම් ආදරයෙන් සහ සතුටින්.
උපේඛාගේත් තිළිණගේත් ලෝකයට ආපු මේ පුංචි කුමාරයාට ස්ටර්ෆ්‍රෙන්ඩ්ස් අපි ඉතාම ආදරණීයව අපේ හෘදයාංගම සුබපැතුම් එකතු කරනවා.

Upeka Nirmani Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close