Daily News
Trending

මගෙ බිරිය ගායිකාවක් නෙමෙයි…




ධනංජය සිරිවර්ධනගේ බිරිය කවුද කියලා ධනංජයව දන්න ඕනම කෙනෙක් දන්නවා. මොකද ඇයත් ධනංජය යන එන තැන්වල බොහෝ විට යන එන නිසා. ඒ වගේම ඇය කලාවටත් බොහෝ සෙයින්ම සමීපයි.

මේ අපි කියන්නෙ ශෂිනි සිරිවර්ධන ගැන. ශෂිනි ළඟදි ගීතයක් ගායනා කරමින් ගායනයට මුල් පියවර තැබුවා. මේ ගීතයේ රූප රචනයට ධනංජයයි ශශිනියි දෙන්නම සහභාගී වෙනවා. ඉතිං ඊට පස්සේ හැමෝම දැනගත්තා ශශිනි ගායනයට, නර්තනයට වගේම රංඟනයටත් දක්ෂයි කියලා.

කොහොම වුණත් ධනංජය තමන්ගේ බිරියගේ දක්ෂතාව සම්බන්ධයෙන් කියන්නෙ වෙනස්ම කතාවක්. ඔහු කියන්නෙ එක ගීතයක් ගායනා කළ පමණින් තමන්ගෙ බිරිය ගායිකාවක් වන්නෙ නැහැ කියලා. හැබැයි ඇයට ගායනයේ හැකියාව තියෙන බවත් ධනංජය කියනවා. ඇයට ගායිකාවක් වීමේ හැකියාව තියෙන නිසා තමයි ඇය ගීතයක් ගායනා කරන්නෙ කියලත් ධනංජය පෙන්වා දෙනවා.

Tags
Show More
Close