Daily News
Trending

මං රණ්ඩු වෙලා කුණුහරුප කිව්වා තමයි. ඒක හරිම සිම්පල් – පියුමි හංසමාලි –




පියුමි හංසමාලි කියන්නෙ අපරාදෙ කියන්න බැහැ නිවුස් මවන්නියක්. මේ ළඟදි දවසක ක්ලබ් එකකදි ගුටි කෙලියක් ගිගිං ආයෙත් පියුමි ගැන කසු කුසු ඇහෙන්න ගත්තා. ඒ ගුටිකෙලියට අදාල වීඩියෝවක් අන්තර්ජාලයට එක් වීම නිසා මේ සිදුවීමට පියාපත් ආවා. කොහොම හරි පියුමි කවුදෝ ගැහැනු කෙනෙක් එක්ක ගහගන්න ගිහිල්ලා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. මුලින්ම වලිය පටන්ගත්තෙ ඒ ගෑනු කෙනා පියුමිගෙ මූණට ලිකර් හලපු නිසාලු. ඒ වෙලාවෙ පියුමිගේ ඇස් දැවිල්ල හැදුනලු. මෙහෙම නැගලා ගියපු වලිය අස්සෙ පියුමි නරක වචන කිව්වා කියලා තමයි බොහෝ දෙනා චෝදනා කළේ. පියුමි මේ ගැන කියන්නෙ මෙහෙමයි. මම ඒ වෙලාවෙ කියපු වචන ටික ඉංග්රිසියෙන් කිව්වා නම් වාව්… ශෝක් … මරු කියාවි. සිංහලෙන් කියන කුණුහරුප ගැන තමයි මිනිස්සුන්ට අමාරු. මෙහෙම කියන පියුමි ඒ වෙලාවෙ එයා කියපු දේවල් ගැන පොඩ්ඩක් වත් ලැජ්ජා වෙන්නෙ නෑ කියලත් කියනවා. කේන්ති ගියාම අපි කොහොමත් ඔය වගේ බැන ගන්නවානෙ. ඒක හරිම සිම්පල්. සමාන්‍ය දෙයක් කියලා පියුමි ඒ සිදුවීම සාධාරණීකරණය කරගන්නවා. ෆේස් බුක් පේජ් කරන ඇඩ්මින් කාරයෝ අහුවුණත් පියුමි ඔය විදියටමලු බනින්නෙ. මොකද ඒ අය පොඩි දෙයක් අල්ලගෙන නරක විදියට මඩගහනවා. මේ විදියට පියුමි කුණුහරුප කියාගෙන කෑගහගෙන ගියේ පළමු වතාවටලු. ඉතිං ඒ ගැන කවුරුවත් වදවෙන්න ඕනෙ නෑ කියලා තමයි පියුමි කියන්නෙ

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close