Daily News
Trending

මං ආසයි පුංචි එක්ක රඟපාන්න – සම්මානනීය ළමා නිළි සහේලි සදිත්මා




සුජාතා ටෙලිනාට්‍යයෙන් රංඟනයට පිවිසි පුංචි කෙල්ල සහේලි දැන් දක්ෂ ජනප්‍රිය ළමා නිළියක්. ඒ වගේම සිග්නීස් සම්මාන උළලේදී සහේලි සම්මානනීය නිළියක් බවටත් පත් වුණා. තවමත් අවුරුදු දහයක් වුණ මේ චූටි නිළිය ගැන තමයි අපි ඔයාලට කියන්න හදන්නේ.

බන්ධන කියන්නේ සහේලිගේ පළමු චිත්‍රපටය. ඇය එම රංඟනය වෙනුවෙන් තමයි සම්මානනීය වන්නේ. පුංචි සහේලි නම් කියන්නේ ඒක එයාට හිතාගන්නවත් බැරිවුණ අවස්ථාවක් කියලා.

ශිෂ්‍යත්ව විභාගය නිසා පහුගිය දවස්වල සහේලි නිර්මාණ වැඩවලින් තරමක් ඈත්වෙලා හිටියේ.

ධනංජි තාරුකා කියන්නේ සහේලිගේ පුංචි. සුජාතා ටෙලිනාට්‍යයේදී ඇය පුංචි එක්ක රඟපානවා. සහේලි නම් කියන්නේ ආයෙත් පුංචි එක්ක රඟපාන්න ආසයි කියලා. වෙළඳදැන්වීම්වල නම් දෙන්නම එකට දකින්න ලැබුණ අවස්ථා තියෙනවානේ.

සහේලිට තව දුරගමනක් තියෙනවා. තවම ඇය හරි පුංචියි. මේ වෙද්දි සහේලිට ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. පුංචි වයසට ඇගේ රංඟන කෞෂල්‍යය අපි අගය කරනවා වගේම ඇයට උණුසුම් සුබපැතුම් එකතු කරනවා.

Tags
Show More
Close