Daily News
Trending

මං අඳින ඇඳුම් වෙන කවුරුහරි අඳිනවට ආස නෑ. – ටීනා ශනෙල්




දන්නැද්ද කෙල්ලන්ට හිතෙන දේවල්. ඒවට ඉතින් ඉරිසියාව කියලත් බෑ. ඒ කෙල්ලන්ගේ හැටි. තමන් තෝරගත්ත ෆැෂන් එකම තව කෙනෙක් තෝරගන්නවට සාමාන්‍යයෙන් කෙල්ලෝ කැමති නෑ. ෆැශන් කියන්නේ ඒ වගේ ලාවට ඉරිසියාව ගෑවුණ එකක්.

නිරූපිකාවක් නිසා ටීනාටත් ෆැෂන් නැතුව බෑ. කොටින්ම සැලෝන් එකකට නොයා කිසිම වැඩකට සහභාගී වෙන්න ටීනා කැමති නැහැ. හොඳට මේකප් කරලා ජුවලරි එක්ක හෑන්ඩ් බෑග් වොච් සේරම මැච් කරගෙන තමයි ටීනා එලියට බහින්නේ. එහෙම නැතුව තරු ගුණය රැකගන්නත් බැහැනේ.

ටීනා අඳින ගොඩක් ඇඳුම් ලංකාවේ ඒවා නෙමෙයිලු. ඇයි දන්නවද ටීනා ලංකාවේ ඇඳුම්වලට වැඩි කැමැත්තක් නැත්තේ? ලංකාවේ ඇඳුම් තව තව කට්ටියත් අඳින්න ගන්නවනේ. ටීනා ආස නැහැලු එයා අඳින ඇඳුමක් තව කෙනෙක් අඳිනවට. ඒ නිසා හැම ඇඳුමක්ම පිටරටින් ඕඩර් කරලා ගන්න තමයි ටීනා උත්සාහ ගන්නේ.

එහෙම ගන්න ඇඳුම් අතරින් ටීනා වැඩිපුරම ආස කොට ගවුම් වලටලු. හැබැයි ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ හැටියට ඇඳුම් විලාසිතාව වෙනස් කරනවා කියලත් ඇය කියනවා.

කොහොම හරි ඉතින් ඔය ඇඳුම් ප්‍රශ්න නම් නළු නිළියන් අතර ඕන තරම් ඇති. කවුරුවත්ම නොකරපු අලුත්ම විලාසිතාවක් තෝරගන්න එක එයාලා හැමෝගෙම හීනය වෙන්න ඇති. ඉතින් ටීනා විතරක් එහෙම නොවෙන්න බැහැනේ නේද?

Tags
Show More
Close