GossipsHollywood & Bollywood
Trending

බොලිවුඩ්වල අමුතු පුදුරුදු

Bollywood Gossip




Bollywood Gossip Exclusive from Starfriends.lk

බොලිවුඩ් සම්බන්ධයෙන් විවිධ පුවත් මැවෙනවානේ. ඔන්න අපිට බොලිවුඩ්වලින් අලුත් තොරතුරු ටිකක් වාර්තා වෙලා තියෙනවා. මේ කියන්න යන්නේ බොලිවුඩ් නළු නිළියන්ට තියෙන එක එක ජාතියේ අමුතු පුරුදු ගැන. කාට කාටත් පුරුදු තියෙනවා. ඒත් බොලිවුඩ් සුපිරි නළු නිළියන්ට තියෙන පුරුදු ගැන ඇහුවාම ඔයාලට පුදුමත් හිතෙයි.

ශාැරුක් ඛාන් (Shahrukh Khan)

ශාරුක් තමයි අදටත් කිංග් ඛාන් කියලා හඳුන්වන්නේ. එයාට තියෙන අමුතු පුරුද්දක් තමයි ඩෙනිම් කලිසම් එකතු කිරීම. ආරංචි විදිහට එයා ගාව තියෙන ඩෙනිම් කලිසම් එක්දාස් පන්සීයකටත් වැඩි ප්‍රමාණයක් තියෙනවාලු. අනික කොච්චර වැදගත් රැස්වීමකට වුණත් ෂාරුක් යන්න කැමැති ඩෙනිමක් ඇඳලා. ඊට උඩින් කෝට් එකක් දාලා කියලයි දැනගන්න ලැබෙන්නේ.

සල්මන් ඛාන් (Salman Khan)

සල්මාන් ඛාන් කියන්නේ ඛාන් පරම්පරාවේ සිටින අති සාර්ථකම ඛාන් කෙනෙක්. ඔහු මෝටර් සයිකල්වලට හුඟක් ආසා බව ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි බොහෝදෙනා නොදන්නා දෙයක් තමයි, එයා සබන් එකතු කරනවා කියන එක. කාබනික සහ ශාකසාර සබන් කෑල්ලක් කොහෙදි හරි දැක්කොත් ඒක අරගෙන ඔහුගේ සබන් එකතුවට එක් කරන්න සල්මන් දෙපාරක් හිතන්නේ නැහැලු.

කරීනා කපූර් (Kareena Kapoor)

කරීනා කපූර්ට තියෙන්නේ ටිකක් නරක පුරුද්දක්. ඒ තමා නියපොතු හැපීම. කොච්චර ලස්සනට නියපොතු තියාගන්න හැදුවත් නියපොතු කන පුරුද්ද නැතිකරගන්න ඇයට තවමත් හැකිවෙලා නැහැලු.

දීපිකා පදුකෝන් (Deepika Padukone)

දීපිකා පදුකෝන්ටත් අමුතු පුරුද්දක් තියෙනවා. ඒ තමා එයාර්පෝට් එකට ගියාට පස්සේ මිනිස්සු දිහා බලාගෙන ඉන්න එක. ඒක හරිම ආස්වාදජනක අත්දැකීමක් කියලත් දීපිකා කියනවා.

අමිතාබ් භච්ඡන් (Amitabh Bachchan)

අමිතාබ් බච්චන්ට තියෙන එක පුරුද්දක් තමයි ඔරලෝසු පැළඳීම. අපි හැමෝම එක ඔරලෝසුවක් පළඳින්න පුරුදුවෙලා හිටියත් අමිතාබ් ඔරලෝසු දෙකක් අතේ බඳිනවා. හැබැයි ඒ හැම වෙලාවෙම නෙමෙයි. තමන්ගේ පවුලේ කවුරුහරි පිටරට ගිහින් ඉන්න වෙලාවක ඒ කෙනා ඉන්න රටේ වෙලාව එක ඔරලෝසුවක සටහන් කරගන්නවා. අභිෂේක් කියන විදිහට එයාගේ තාත්තා අමිතාබ් ඒ පුරුද්ද ඇතිකරගෙන තියෙන්නෙ ජයා බච්චන්ගෙන්ලු.

සුෂ්මිතා සෙන් (Sushmita Sen)

සුෂ්මිතා සෙන් කියන්නේ සර්පයින්ට ගොඩක් ආසා කෙනෙක්. කොටින්ම ඇය තමන්ගේ ගෙදර, සුරතලයට පොළඟෙක් ඇති කරන බව ආරංචියි.

සනීලියෝන් (Sunny Leone)

සනී ලියෝන්ටත් අමුතු පුරුද්දක් තියෙනවා. ඒ තමා හැම මිනිත්තු 15කට වරක්ම තමන්ගේ දෙපතුල් සේදීම. එයාගේ මේ පුරුද්ද නිසා චිත්‍රපටිවල රූගත කිරීම් පවා පැය ගණන් පරක්කු වෙනවාලු.

Bollywood Gossip Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close