GossipsHollywood & Bollywood
Trending

බොලිවුඩයේ හදිසි අනතුරු වැලක්.

Bollywood Gossip




Bollywood Gossip Exclusive from Starfriends.lk

බොලිවුඩ් කියන්නේ සිනමා කර්මාන්තයෙන් විශාල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින අපූරු තැනකට. දිනපතාම බොලිවුඩයෙන් මැවෙන පුවත්වලින් දවස උදාවෙනවා වගේම දවස ගෙවී යනවා. බොලිවුඩය කියන්නේ ගොසිප් කාක්කන්ට වගේම නානාප්‍රකාර මීඩියා කාරයන්ටත් කේජු කෑල්ලක් වගේ තැනක්. මේ හැමෝම බලාගෙන ඉන්නේ කොයි වෙලාවක හෝ බොලිවුඩයෙන් අසන්න ලැබෙන පුවතක් සම්බන්ධයෙන්. මේ කියන්න යන්නෙත් එහෙම කියන්න තරම් වටින පුවතක් ගැන

උදාවුණ අවුරුද්ද එක අතකින් බොලිවුඩයට යහපතක් වෙද්දි අනික් පැත්තෙන් කරදර ගොඩක ආරම්භයකුත් වෙලා කියලා තමයි දැනට දැනගන්න ලැබෙන්නේ. ඒකට හේතුව පහගිය ටිකට බොලිවුඩ් නළු නිළියන්ට හදිසි අනතුරු කිහිපයකට මුහුණ දෙන්න සිදුවීම

ඒ අනුව පහුගිය දවසක ජනප්‍රිය නිළි ආලියා බාට් හදිසි අනතුරකට ලක්වෙලා තිබෙනවා. බ්‍රහ්මාස්ටර් චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර තමයි ආලියා මෙම අනතුරට ලක් වෙලා තිබෙන්නේ. ආලියා මෙම චිත්‍රපටයේ වැඩ කරන අතරතුර අවස්ථා කිහිපයකදී ම මේ ආකාරයට අනතුරුවලට ලක් වෙලා තිබීමත් විශේෂත්වයක්.

ආලියාගේ පෙම්වතා වන රන්බීර් කපූර් ද අනතුරට පත්ව ඇති බව දැනගන්න ලැබෙනවා. ඒ් මුම්බායි නගරයේ පැවැති සුහද පාපන්දු තරගයක් අතරතුරදි.

සුපිරි බොලිවුඩ් නළු ආක්ශේ කුමාර් ද රෑගත කිරීමක් අතරතුර අනතුරට ලක් වී තිබෙනවා. ඒ කේසාරි චිත්‍රපටයේ අවසන් රූගත කිරීම් අවස්ථාවෙදී. රන්වීර් සිං, ආදිත්‍ය රෝයි කපූර් යන අය සිය අලුත්ම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර අනතුරට පත්ව ඇති බන දැනගන්න ලැබෙනවා. කොහොම වුණත් එක වැලට සිද්ධවෙලා තිබෙන මේ අනතුරු කිසිවක් බරපතල තත්ත්වයේ ඒවා නොවන බවත් දැනගන්න ලැබෙනවා.

Bollywood Gossip Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close