Daily News
Trending

බොරු චාමරලා නිසා චාමරගෙ හිත රිදිලා…




” මුලින්ම මම කියන්න ඕනෙ මේ කියන දේවල් කියන්නෙ මම ඔයාලා එක්ක තියෙන තරහටවත් ඉරිසියාවටවත් නෙමෙයි. මම කැමතියි මිනිස්සු මටත් වඩා ඉහළට යනවා නම්. පසුගිය දවස්වල සිදුවූ නොයෙකුත් සිදුවීම් නිසා මේ ටික කියන්න හිතුනා.

මේ තැනට එන්න කලියෙන් මම වේරලියැද්දගෙ ගීත ගායනා කළ බව ඇත්ත. නමුත් මම එදා එතුමන්ගෙ ගීත පමණක් ගායනා කළේ නැහැ. අනෙක් ගායකයින්ගෙ ගීත සමගිනුයි මම එතුමන්ගෙ ගීත ගායනා කළේ.

මගේ නමට විශේෂණ පද යොදා දැනට මගේ ගීත ගායනා කරන හැමදෙනාගෙන්ම මම බොහොම ආදරයෙන් ඉල්ලනවා, මගේ ගීත සියල්ලම වුණත් ගායනා කළාට කමක්නෑ තමන් එක් ස්ථීර සංගීත කණ්ඩායමක නියාමන ගායන ශිල්පියකු පමණක් වී.
ප්‍රසිද්ධ සංදර්ශනවල මගේ ගීත පමණක් ගායනා නොකරන ලෙසත් අනෙකුත් කලාකරුවන්ගේ ගීත සමඟින් පමණක් මගේ ගීත ගායනා කරන ලෙසත් ප්‍රසංග සංවිධානය කරන මහත්වරුන්ගෙන් මම බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට ලබා නොදෙන ප්‍රසංග වලට මගේ රූපය යොදාගෙන මිනිසුන් මුලා නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ”

චාමර වීරසිංහ මෙවැනි සටහනක් පළකරන්නෙ දැඩි සිත් වේදනාවකින් බව කිව යුතුයි. චාමරට අතිවිශාල රසික ආකර්ශනයක් ගොඩනැඟී තිබෙන්නෙ ඔහු සතු ගායන කෞෂල්‍යය නිසා පමණක් නෙමෙයි. ඔහු ඉතාම නිහතමානී කලාකරුවකු නිසා බොහෝ දෙනෙක් ඔහුට ආදරෙයි. චාමර වීරසිංහ සහභාගී වන බවට ප්‍රචාරණය වන ඇතැම් සංගීත සංදර්ශනවලට චාමරට ඇරයුමක්වත් ලැබිලා නැහැ. චාමරගෙ නම විකුණමින් එලෙස කරන පහත් කාර්‍යය වහා නතර විය යුතුයි.

චාමර කියන්නෙත් සේනානායක වේරලියැද්දගෙ ගීත ගායනා කරලා තැනකට ආපු ධෛර්‍යය සම්පන්න ගායකයෙක්. ඔහු ඒ බව පිළිගන්න තරමට නිහතමානී වෙනවා . ඒ වුණත් චාමර කවදාවත් සේනානායක වේරලියැද්ද වැනි තනි ගායකයකුගෙ සින්දු පමණක් තෝරාගන්නෙ නැහැ. මේ නිසා අදාල ගායකයාට සිදුවන හානිය අවමයි. චාමර ඉල්ලන්නෙ හරිම සංවේදී ඉල්ලීමක්.

ඕන තරම් චාමරගෙ සින්දු කියන්න. ඒත් ඒවා විතරක් කියන්න එපා. මෙන්න මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන එක ලංකාව පුරා විසිරී සිටින ව්‍යාජ චාමරලාගෙ වගකීමක්.

චාමර වීරසිංහ සහෘද කලාකරුවගේ අනෙක් අවසන්ම ඉල්ලීම වුණේ තමන් ට ආරාධනා ලැබිලා නැති සංදර්ශනවලට තමන් එන බව පවසමින් මිනිසුන් මුලාවේ නොදමන ලෙස. මේ සියල්ලක්ම ඔහු ඉතාම ඉවසීමෙන් සහ කාරුණික ලෙස කරන ඉල්ලීම් වීම අගය කළ යුතුයි.

Tags
Show More
Close