Daily News
Trending

බිරිය කමල්ගේ පැටිකිරිය දිගහරී.

Kamal Addararachchi




Kamal Addararachchi Exclusive from Starfiends.lk

කමල් (Kamal Addararachchi) කියන්නේ රිදී තිරයේ සුන්දරම පෙම්වතෙක්. ඔහු සිනමාවේ නියෝජනය කරන යුගය අතිශය සුන්දරයි. ඒ වගේම අතිශය පොහොසත්. මෑතකදී තිරගත වූ ඝරසරප සිනමා කෘතියෙන් කමල් අද්දරආරච්චි කියන සුන්දර රංගන ශිල්පියාව නැවත වතාවක් අපට මුණගැහෙනවා.
කමල් ගැන වැඩියෙන්ම දන්නේ කවුද? කාටත් වඩා කමල් ගැන දන්න, ඔහුගේ අසීමිත ආදරය විඳින කමල්ගේ ආදරණීය බිරිය අනුරානි තමයි ඔහු ගැන මේ සියල්ල හෙළිදරව් කරන්නේ.

කමල් කියන්නේ හරිම ආදරණීය පෙම්වතෙක්. බැන්දා කියලා ඒ ආදරයේ අඩුවක් වුණේ නැහැ. හැබැයි කාලයත් සමඟ කමල් කාර්ය බහුල වෙනවා. ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරද්දී නම් කමල් තරමක් තද ගති තියෙන කෙනෙක්. අනුරානි වගේ කමල් නම්‍යශීලී නැහැ. ඒ නිසා දරුවන්ගේ දේවල් කමල්ට සන්නිවේදනය වන්නේ අනුරානි හරහා තමයි. හැබැයි ඉතින් කමල් දරුවන්ට පණ වගේ ආදරෙයි. වගකීම් සහගතව වැඩ කරන එක කමල් මුල් කාලයේ සිටම පුරුදු කරපු ගුණාංගයක්.

කමල් දුකේ දී කඳුළු සළලා අඬන කෙනෙක්. ඔහු අන්තිම වතාවට අඬන්නේ අනුරානිගේ මව අන්ත්‍රා වූ අවස්ථාවේ. සාමාන්‍යයෙන් කමල් ප්‍රශ්න ගැන වැඩිය හිතන කෙනෙක් නෙමෙයි. හරිම සැහැල්ලුවෙන් කොයි වෙලෙත් සතුටින් ඉන්න තමයි කමල් කැමති. ඒ වගේම ජීවතයේ අසුබ පැත්ත දකින්නේ නැතිව නිතර සුබවාදීව හිතන්නත් කමල් දන්නවා.

කමල්ට රංඟනයට අමතරව අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයටත් සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඔහුගේ කෙටි චිත්‍රපටයකට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පවා ලැබී තිබෙනවා. අපි දකින කමල් ලස්සනට අඳින පළඳින කෙනෙක්නේ. ඒ විධියට ඔහුව ලස්සන කරන්නේ ඔහුගේ බිරිය අනුරානි. මොකද කමල් කියන්නේ විලාසිතාවලට ඒ තරම් උනන්දු කෙනෙක් නෙමෙයි ලු. කමල් ෆේස් බුක් එකට කාලයක් ඇබ්බැහිවෙලා ඉඳලා තියෙනවා. ඒත් අනුරානි කියලා කියලාම දැන් ඒක ටිකක් අඩුයි ලු. දැන් නම් කමල් කරන්නේ අනුරානිගේ තාත්තා එක්ක එකතුවෙලා එක දිගට ක්‍රිකට් මැච් බලන එකලු. කමල්ට වඩාත්ම ගැලපෙන නිළිය සංගීතා වීරරත්න කියලත් අනුරානි කියනවා.

Kamal Addararachchi Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close