Daily News
Trending

පේෂල ඉරාජ්ගේ වාහනේට දාපු කින්ඩිය.




ඉරාජ් වීරරත්න කවුද කියලවත් පේෂල මනෝජ් කියන්නේ කවුද කියලවත් ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ දෙන්නා නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදියක් නැහැනේ. දෙන්නගේ ක්ෂේත්‍රයන් වෙනස් වුනත් මේ දෙන්නා බොහොම සමීප හොද යාලුවෝ දෙන්නෙ. ඉරාජ් වරදක් කලත් හොදක් කලත් එකට ප්‍රසිද්ධියේ හොද හෝ නරක හරි කියන්න පේෂල දෙපාරක් හිතන්නෙ නැහැ.

ඉතින් පසුගියදා ඉරාජ් ගත්ත නවීන පන්නයේ වාහනයේ ගැන ගොඩදෙනෙක් කතා කලා. මේකට මූලිකම හෙතුව වුනේ ඉරාජ් ඒකට යු ටියුබ් එකට ස්තුති කරලා තිබුණ නිසා. ඉතින් පේෂලත් මේ වාහනේ ගැන අපූරු කතාවක් කියලා තිබුණා. ඒ ඉරාජ්ගේ වාහනේ යන ෆොටොස් එකක් අන්තර්ජාලයට එකතු කරලමයි.

මචං ඉරාජ් ලංකාවේ නිරුවත් වීඩියෝ බලන අසහනකාරයෝ ඉන්නකම් උඹ ගොඩ. ජය වේවා කියලා තමයි පේෂල මේ ෆෝටෝ එක යටින් ලියලා තිබුණේ. මේක සතුටට කියපු කතාවක්ද එහෙමත් නැත්නම් කින්ඩියට කියපු කතාවක්ද කියලා දන්නේ ඉතින් මේ දෙන්නම තමයි. කොහොම වුනත් මේ කතාවෙන් කාට කාටත් ඉගෙන ගන්න දෙයක්නම් තියෙනවා.

Tags
Show More
Close