Daily News
Trending

පේශලගෙ හීනෙ…




පේශල මනෝජ් කිවව ගමන් නොදන්න කෙනෙක් නැහැනෙ.තබ්ලා වාදනයෙන් ශේත්‍රයට ආවත් මේ වෙනකොට ගොඩදෙනෙක් පේශලව දන්නෙ නිවේදකයෙක් ලෙසට.පේශලගේ මේ නිවේදන කටයුතු නිසා බයිට් නොවුනු කෙනෙක්නම් හොයාගන්න නැති තරම්.පේශලනම් කියන්න් මෙ ස්වරූපය තමයිලු ඇත්තටම පේශලගේ ජිවිතේ සාමාන්‍ය හැසිරිමත්.ඒ කොහොම උනත් මේ නිවේදනය තමයි පේශලව ප්‍රේක්ෂකයන් අතරට ඉක්මනට අරගෙන ගියෙ.පසුගියදා ඔහු මාද්‍යට කියලා තිබුනෙ තමන්ට කලාව තුලදි ඉටු කරගන්න ඕන හීනයක් තියෙනවා කියලා.අපි හැමෝම බලන් හිටපු එ හීනෙ තමයි පේශලට ඕනලු රවි ශංකර් වගේ ලෝක පූජිත මනුස්සයෙක් වෙන්න.ඒ හීනෙ ඉටුකරගන්න එයා ගොඩක් මහන්සිවෙලා වැඩකරනවා කියලා තමයි කියලා තිබුනෙ.
තමන් මේ තරම් ආපු දුර ගැන පේශල හරි අපූරු කතාවක් කියලා තිබුනා.ඒ තමයි ලේසියෙන් යන ගමනක් වැඩක් නැහැ ඒක හරියට රියලිටි ශෝ එකක් වගෙ.ඒත් කට්ට කාලා ගන්න දේ වටිනවා.අපේ අම්මා තාත්තා බොහොම සාමාන්‍ය අය. මම ඉන්දියාවට ගිහින් ලොකු කට්ටක් කෑවා මේ දේවල් ඉගෙන ගන්න.ඒ වගෙම් තමයි මිනිස්සුන්ට භීන තියෙන්න ඕන.පොඩි හීන නෙමෙයි ලොකු හීන .ඒ හීන මිනිස්සු නොහිතන තැනකට ගෙනියනව. කටකාර සෙල්ලක්කාර පේශල මෙන්න මෙහෙම තමයි එයා ආපු ගමන ගැන කියලා තිබුනෙ.

Tags
Show More
Close