Daily News
Trending

පෙම්වතියට නීතී දාපු චිලි….




චිලී කිව්ව ගමන් හැමෝම දන්නවා මේ කියන්නෙ වෙනකිසිම දෙයක් ගැන නෙමෙයි හැඩකාර තරුනයෙක් ගැන කියලා.ගායකයෙක් උන චිලීව ප්‍රේක්ශකයෝ අඳුන ගත්තෙ ඔහුගේ ඒ හැඩකාර රූපය නිසා කිව්වොත් හරි.

චිලි අලුතින් කල ගීතය නිසා මේ දිනවල ආයෙත් චිලි ගැන කතාකරන්න පටර අරගෙන තියෙනවා.චිලි කාලෙකට පස්සෙ ගීත කරන්නේ ගායනයට වඩා ව්‍යාපාරයට මුල් තැන දීලා නිසාද කියලා අහපු වෙලාවක ඔහු කියල තිබුනෙ,ඔව් මම ගායනයට මුල් තැන දෙන්නෙ නැහැ කියලා.ඔහුගෙ පෞද්ගලික ජිවිතය නිදහසේ ගත කරන්න ඕන නිසා එහෙම කරනවා කියලා.

මේ හැඩකාර තරුනයට ගැහැනු ලමයි ආකර්ශනය වෙනකොට පෙම්වතියගෙන් දෝෂාරෝපණ නැද්ද කියලා ඇහුවම ඔහු කියලා තිබුනෙ,ඔව් ඇය ඉරිසියා කරනවා තමයි,හැබැයි හරි පිරිමියෙක්ට ඒ විදියට පෙම්වතියව ජෙලස් ඇති කරවන්න පුලුවන් වෙන්න ඕන කියලා.පෙම්වතියට නීති දානවද කියලා ඇහුවම චිලි කියලා තිබුනේ,මම මගේ පෙම්වතියට ෆේස් බුක් පාවිච්චි කරන්න දෙන්නෙම නැහැ කියලා.මොකද චිලි කැමති නැහැලු ඇයව පබ්ලිශ් කරන්න.ඒකයිලු චිලි ඇයව මාධ්‍ය ඉදිරියටවත් ගෙන්නෙ නැත්තෙ.ඉතින් මේ නිසා චිලිගේ පෙම්වතියට ෆේස් බුක් පාවිච්චි කරන්න නම් තහනම්ලු ඔන්න.

Tags
Show More
Close