Daily News
Trending

පූර්ණිකාට නිතරම කෝල් කරන බාස් කවුද?

Poornika Peiris




Poornika Peiris Exclusive from Starfriends.lk

මේ ගැන අපිට දැනගන්න ලැබුණේ පුවත්පත් මාධ්‍යයට ලබා දුන්න සම්මුඛ සාකච්ඡාවකින්. පූර්ණිකා පීරිස්ව ඔයාලා දන්නවානේ. ඇය දක්ෂ නිවේදිකාවක්. නිළියක්. ඒ වගේම චූටි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇගේ අක්කා ජනප්‍රිය නිළියක් වන චතුරිකා පීරිස්. ඇය පැවත එන්නේ කලා පවුලකින්.

පූර්ණිකාගේ ෆෝන් එකට නිතර නිතර එන කෝල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇයට වැඩියෙන්ම කතා කරන්නේ අක්කා හෝ චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියලු. ඒත් මේ දවස්වල නම් ඇයට කෝල් කරන්නේ මේ කවුරුවත් නෙමෙයි. ඒ බාස් උන්නැහේ කෙනෙක්. ඇත්තටම පූර්ණිකාට බාස් කෙනෙක් එක්ක මේ තරම් තියෙන ගනුදෙනුව මොකක්ද? කාට වුණත් එහෙම අහන්න හිතෙන එක අරුමයක් නෙමෙයිනේ.

දන්නවාද? පූර්ණිකාට මේ විධියට කෝල් කරන්නේ එයාලගේ ගේ හදන බාස්ලු. ඒ ඇරුණාම සාමාන්‍යයෙන් පූර්ණිකාට ගොඩක්ම කතා කරන්නේ චතුරිකා. චරිතා එක්ක පුරුද්දක් විධියට පූර්ණිකා දිනපතාම කතා කරනවාලු. සමහර දවසට පූර්ණිකා පැය ගාණක් චරිතා එක්ක කතා කරනවාලු.

පූර්ණිකා ෆෝන් එකත් එක්ක ඕනවට වඩා ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකට ඇයට වෙලාවක් නැහැ. ඒත් ගූගල් සර්ච් කරලා මොනවා හරි විස්තරයක් දැනගන්න ඇය ෆෝන් එක තමයි යූස් කරන්නේ.

පූර්ණිකා තමන්ගේ ජීවිතයේ අභියෝගවලට ස්වාධීනව මුහුණදෙන වගකීම් සහගත මවක්. ඇය ඇගේ කලා ජීවිතයට ද අවස්ථාව ලබා දෙමින් ඒ කටයුතු කරගෙන යනවා. පූර්ණිකා වඩාත්ම සාර්ථකත්වයක් පෙන්වන්නේ නිවේදන කලාවෙන් බවත් කියන්නම ඕනේ. ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා පෙන්වන නිසා පූර්ණිකාට දුර ගමනක් ඇති බව පෙනෙන්න තියෙනවා. අපි ඒ ගමනට ඇයට ආශීර්වාද කරනවා.

Poornika Peiris Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close