Daily News
Trending

පූජාගේ මනුස්සකම මහපාරේ

Pooja Umashankar




Pooja Umashankar Exclusive from Starfriends.lk

ලංකාවේත් ඉන්දියාවේත් මිශ්‍ර සම්භවයක් සහිතව උත්පත්තිය ලැබුවත් පූජාගේ උප්පැන්න සහතිකයේ උපන් ස්ථානය ලෙස සටහන් වන්නේ ලංකාව. ඇය වඩාත් සමීප වන්නෙත් ලංකාවට. ලාංකීය සිනමාවට පූජා උමාශංකර් කියන නිළියව හඳුන්වා දෙන්නේ වර්ෂ 2006දි. එතැන් පටන් මේ දක්වා පූජා සුවිසල් රසික ආකර්ශනයක් ද සහිතව සිනමා නිළියක් ලෙස මෙරට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටිනවා.

ඒ විතරක් නෙමෙයි, පූජා මෙරට සිනමා සම්මාන උළෙල කිහිපයකදී ජනතා සම්මානය ද දිනාගනු ලැබූ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක් ද වනවා. පූජාගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් ප්‍රශ්න පැනනැඟුනත් ඇයගේ රංඟන ජීවිතය නම් සාර්ථක බව කිය යුතුමයි.
පූජා උමාශංකර් සිනමා තාරකාවක් ලෙස හඳුන්වා දුන්නත් කා අතරත් ඇය වඩාත්ම ප්‍රසිද්ධ වී සිටින්නේ නිහතමානී රංඟන ශිල්පිනියක් ලෙස. ඕනෑම තරාතිරමක පුද්ගලයකු සමඟ කුළුපගවන පූජා ඉතාම නිහතමානී ලෙස ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න දන්නවා. පාරතොටේ දී මුණගැසෙන බාල මහළු කොයි කවුරුත් පූජාට මුණගැහෙන සුන්දර මිනිසුන්. ඇය ඒ මිනිසුන්ව වචනයකින් හෝ සතුටු කරන්න උත්සාහ ගන්නවා. වරක් පූජා නගරය පිරිසිදු කරන කම්කරු අම්මාවරුන් කිහිපදෙනකු සමඟ ලබා ගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ මහත් ආදරයෙන් හුවමාරු වී තිබුණා. ඒ වගේම මාර්ග තදබදයක සිරවී සිටි අවස්ථාවක පූජා බස්රියක සිටි පාසැල් දරුවන් පිරිසක් සමඟ විනෝද වන වීඩියෝවක් අප දුටුවා. සුපිරි නිළියක් වුණත් පූජාව දකින්න ලැබුණේ මහා මන්දිරවල තරුපහේ හෝටල්වල සුපිරි සාජ්ජවල නෙමෙයි. ඇය ගමේ නගරයේ වෙලේ දොළේ ඇවිද්දා. පුළුවන් හැම වෙලාවෙම මනුස්සයෙක්ට සිනහවකින් හෝ සංග්‍රහ කළා. මේ අපූරු සිනමා තාරකාව කළ තවත් අපූරු වැඩක් ගැන කියන්නයි අපි මේ හදන්නේ.

පූජා දවසක් ටැක්සියක ගමන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි නම් ටැක්සියක ගියාම අදාල මුදල ගෙව්වාට පස්සේ ඒ සම්බන්ධය එතැනින් ඉවරයිනේ. ඒත් පූජාට නම් ඒ තරම් ඉක්මනට සම්බන්ධතාවලින් මිදෙන්න බැහැ. මොකද ඇය කවුරුත් ආදරය කරන නිළියක්නේ. ඉතිං පූජා ටැක්සියේ හිටපු රියදුරු මහත්තයා සමඟ ඉතාම කුළුපග වෙනවා. අයියේ කියලා ආමන්ත්‍රණය කරනවා. තමන්ට සැපයූ සේවාවට කෘතඥතාව පළකරනවා. ඊටත් පස්සේ ඩ්‍රයිවර් මහතාගේ ඉල්ලීමට කාරුණික වෙලා ඔහුත් සමඟ සෙල්ෆි ඡායාරූපයකටත් පෙනී ඉන්නවා. ඒ ඡායාරූපය ගන්න පූජා වාහනයෙන් බැහැලාත් එනවා. මේ සියල්ල පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලයේ තිබී අපේ ඇස ගැටුණා.
මේ තරමට නිහතමානී වන්න සහ අනෙකා වෙනුවෙන් කාරුණික වන්න හැමෝටම බැහැ. පූජා ඒ අතින් හුඟාක් ඉදිරියෙන් ඉන්නවා. පූජාව මේ තරම් දුරක් රැගෙන එන්නේ ඒලෙස නිහතමානීව උපයා ගන්නා අව්‍යාජ රසික රසිකාවන්ගේ ආදරය විසින්.

Pooja Umashankar Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close