GossipsHollywood & Bollywood
Trending

පිළිකා රෝගී පියාගැන රිතික් රෝෂන් තැබූ සටහන.Exclusive Photos

Hrithik Roshan




Hrithik Roshan Exclusive from Starfriends.lk

පිළිකා මාරයා ලොව සෑම අස්සක් මුල්ලකම සැරිසරමින් සිටින යුගයක මිනිසුන්ව ඉපදීම අප ලද අභාග්‍යයකි. කුඩා දරුවාගේ පටන් බාල මහළු භේදයකින් තොරව ව්‍යාප්තවන මෙම භයානක රෝගී තත්ත්වය අද දවසේ සාමාන්‍යකරණය වී ඇති තරමට සුලභය. බොලිවුඩ් සිනමාවේ සුරූපිනියක වූ සොනාලි බෙන්ද්‍රේ ද ඒ ලෙස පිළිකා රෝගයෙන් පීඩා විඳින්නීය. ශහීඩ් කපූර්ද එවන් රෝගීතත්වයකින් පසුවන බවට වන කටකතාවක් පැතිර ගියේ දීපිකාගේ විවාහ මංඟල්‍යය පැවැති දිනවලය. ඒ ඔහු ඇයගේ විවාහ මංඟල්‍යයට සහභාගී නොවුණ නිසාය.

සුපිරි නළු රිතික් රෝෂන්ගේ (Hrithik Roshan) ආදරණීය පියා නොහොත් ප්‍රවීණ සංගීතඥයකු සහ චිත්‍රපට නිෂ්පාදකයකු වන රාකේශ් රොෂාන් ද පිළිකා තත්ත්වයකට ගොදුරුව ඇති බවට වූ අවාසනාවන්ත පුවත දැනගන්නට ලැබෙන්නේ රිතික් තම ඉන්සටර්ග්‍රෑම් ගිණුමට එක් කළ සටහනකින් පසුවය. රාකේෂ් රෝෂන්ගේ උගුරේ පිළිකා සෛයල වර්ධනය වෙමින් ඇති බවත් ඒවා මූලික අධියරේ පසුවන බවත් එම සටහන ඔස්සේ රිතික් සිය රසික රසිකාවන්ට හෙළි කර තිබුණා.

සාමාන්‍යයෙන් මෙවන් රෝගී තත්ත්වයකදී ඇති වන්නේ වේදනාවක් සහ කලකිරීමකි. නමුත් රාකේශ් මෙන්ම ඔහුගේ පුත් රිතික් ද මෙම අසීරු අවස්ථාවට දැඩි විශ්වාසයෙන් සහ සැහැල්ලුවෙන් මුහුණදෙන බව රිතික්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනින් පැහැදිලි වෙයි. රාකේශ් රෝෂන් කියන්නේ තවමත් අතිශය කඩවසම් පෞරුෂයකින් හෙබි දේහදාරියෙකි. රිතික් රෝෂන් (Hrithik Roshan) ඔහු ඉදිරිපිට අදටත් අතදරුවෙකුමය. උගුරේ හටගෙන ඇති රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගත යුතුව තිබූ පාන්දර ඔහු රෝහලට පිටව යන්නේ සුපුරුදු පරිදි ජිම් එකට යාමෙන් අනතුරුවය. ˝මගේ තාත්තා තමයි මා දැකපු ශක්තිමත්ම පුද්ගලයා˝ සිය පියා සම්බන්ධයෙන් රිතික් එලෙස පවසන්නේ උතුරායන පිය සෙනෙහසිනි.

රාකේශ් රෝෂන් මහතාගේ උගුරේ මුල් අදියරෙහි පිළිකා සෛල ඇති බවට හඳුනාගෙන ඇත්තේ මීට සති කිහිපයකට ඉහත දී ය. නමුත් ඔහු අද දවසේත් සම්පූර්ණ ශක්තියෙන් යුතුව සිය ජීවන සටන කරගෙන යන බව රිතික් ප්‍රකාශ කරන්නේය. ˝පවුලක් විධියට අපි වාසනාවන්තයි සහ ඔහු වැනි නායකයකු සිටීම අපට අශිර්වාදයක්˝ පිළිකා තත්ත්වයට ගොදුරුව ඇති බව දැන දැනත් ධෛර්යයෙන් සහ ආත්ම විශ්වාසයෙන් ජීවිතය දකින සිය ආදරණීය පියාණන් වෙනුවෙන් රිතික් අභිමානයෙන් කතා කරන්නේ එලෙසය. මාරයාට අප වෙත ළං වීම වඩාත් පහසු වන්නේ අපි ඊට අවකාශය සැළසූ විටය. චිත්ත ධෛර්යයට කළ නොහැක්කක් නැත. මානසික ශක්තිය පළවා හළ හැකි කිසිදු පිළිකාවක් ලොව මෙතෙක් පහළ වී ද නැත. ඒ නිසා අප මනසින් ශක්තිමත්වන තාක් කල් සතුට අප අත් නොහැර යනු ඇත. ඒ නිසා රාකේශ් රෝෂන් මහතා රිතික් ඇතුළු ඔහුගේ පවුලේ අයගේ ද ධෛර්යයෙන් ඉක්මන් සුවය ලබනු ඇත.

Hrithik Roshan Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close