GossipsHollywood & Bollywood
Trending

පිය පදවිය වෙනුවෙන් නිවාඩු ගියපු ෂාහීඩ් කරලියට එන්න ප්‍රමාද ඇයි..?




ටික දිනකට කලින් ෂාහිඩ් කපූර්ගේ දයාබර බිරිය මීරා ඉන්ස්ටග්‍රැම් හී ඡායාරූපයක් පළ කරමින් තමන් දෙවැනි දරු උපත සඳහා සූදානම් වන බව කියා සිටියා. ඊට පස්සේ ෂාහිඩ් සහ අලුත් සමාජිකයාත් පවුලේ සියලු දෙනාත් පිළිගන්න ඔහුගේ රසික රසිකාවියන් මග බලාගෙන හිටියා.

එහෙම බලාගෙන හිටපු ආදරණීයයන් වෙනුවෙන් ෂාහිඩ් අලුත්ම ඡායාරූපය පළකරනවා. ඒ ට්විටර් සටහනකුත් එක්ක. ෂාහිඩ්ගේ වැඩිමහල් දියණිය පසුගිය අගෝස්තුවේ තමයි දෙවැනි වියට පියමැන්නේ. ඇගේ නම මීෂා. දැන් ඇය අක්කා කෙනෙක්.

තුන්දෙනාගේම ඡායාරූපයක් පළකරන ෂාහිඩ් ට්විටර් සටහන මගින් කියා තිබුණේ පසුගිය සතිය ඉතාම කලබලකාරී සහ ප්‍රශ්නකාරී සතියක් වූ බව. ඒකට හේතුව තමයි අලුත් සමාජිකයාගේ පැමිණීමත් එක්ක ලොකු දුව මීෂාට තදබල ලෙස උණ රෝගයක් වැළඳීම. ඒ වගේම අලුත උපන් Zain බබා නිසාත් ෂාහිඩ් තරමක් කලබලෙන් හිටියේ. මේ නිසා Batti Gul Meter Chalu චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු පවා ෂාහිඩ්ට මඟහැරෙනවා. හැකි ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට එන්න පුලුවන් වෙයි කියලත් ෂාහිඩ් බලාපොරොත්තු වෙනවා.

දරුවෙක්ගේ උපත වගේම දරුවෙක්ගේ අසනීපයත් දෙමාපියන්ට ලොකු බරක්. ෂාහිඩ් පීතෘත්වය වෙනුවෙන් ඒ බර ඔළුවට ගන්නවා. අපි හිතනවා චූටි දියණියට දැන් හුඟක් සනීපයි කියලා. ඉතිං ෂාහිඩ්ගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට ඔහු සම්බන්ධ වේවී. ෂාහිඩ්ගේ පවුලට අලුතින්ම එකතු වුණ සමාජිකයාටත් අපි උණුසුම් සුබපැතුම් එකතු කරනවා.

Tags
Show More
Close