Daily News
Trending

පියුමි බේරගෙන ජීවිතෙන් සමුගත් මිතුරා.




පියුමි බොහොම සංවේදී සටහනක් තමන්ගේ ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුවේ සටහන් කරලා තිබුණා. ඒ ඇගේ සුරතල් බල්ලා මියගිය බව. හැබැයි එයා මැරිලා තියෙන්නේ පියුමිගෙත් එයාගේ ගෙදර අයගෙත් ජිවිත බේරලා කියලා තමයි පියුමි කියන්නේ.

පියුමිලාගේ ගෙදරට ආපු ලොකු නාගයෙක් ගෙදර අයට කරදරයක් කරන්න කලින් මේ බල්ලා විසින් මරා දාලා තියෙනවා. හැබැයි නයා සමඟ පොර බදිනකොට මේ නයා දෂ්ට කරපු නිසා පසුව බල්ලත් මැරිලා තියෙනවා. බේරගන්න කොයිතරම් උත්සාහ කලත් අන්තිමේ මේ සුරතලා මියගිහින් තියෙනවා. පියුමි මේ ගැන කියලා තිබුණේ “අනේ පුතේ ආයෙත් මගේ ළඟට එන්න කියලා”.

ඒ වගේම පියුමි තවත් සටහනක් එකතු කරලා තිබුණා ඒ තමයි, මොන තරම් බැන්නත් ආදරෙන් කතා කරපු එකම වචනෙත් හිතේ තියන් මැරෙනකම්ම ආදරේ කරන ලොව එකම ආදරවන්තයා බල්ලා කියලා…පියුමි මේ මියගිය සුරතලා වෙනුවෙන් පිං අනුමෝදනා කරලත් තිබුණා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close