Daily News
Trending

පිං පව් ගැන දන්න පෙම්වතෙක් චූලක්ශිට ඕනලු.




චූලක්ශි කියනනේ ඇගේ පළමු සිනමා රංඟනයෙන්ම බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් වුණ රංඟන ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රයට පළමුව පිවිසුණ චූලක්ශි හරි ඉක්මනට කලා කටයුතු වලටත් සම්බන්ධ වීමෙ භාග්‍යය හිමිකර ගත්තා.

චූලක්ශිගේ පළමු සිනමා රංඟනයෙන් පසු ඇයට රංඟනයට ලැබෙන අවස්ථා වැඩියිලු. ටෙලි නාට්‍යය රංඟනයට ආරාධනා ලැබුණත් චූලක්ශි වැඩි කැමැත්තක් දක්වන්නේ සිනමාවට නිසා ඒ වැඩ භාරගත්තේ නැතිලු. ඒ වගේම චූලක්ශිගේ නියම දක්ශතා පෙන්වන්න පුළුවන් ටෙලි නාට්‍යය පිටපතක් ලැබුනොත් ඇය ඒක භාරගන්නවා කියලා ඇය කියනවා.

ඒ වගේම චූලක්ශිට ඕනේ ඇගේම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නලු. ඒ නිසා රංඟනය ගැන මේ දවස් වල ඉගෙන ගන්නවාලු ටිකක් මහන්සි වෙලා. මේ වෙලාවේ ඇය ආදරය ගැනත් කතා කරලා තිබුණා. චූලක්ශිට තවම ප්‍රේමවන්තයෙක් නැතිලු. ආදරය මේ දවස් වල ඇය හොයමින්ලු ඉන්නේ. චූලක්ශිට මිළ මුදල් ඕන නැතිලු. අවංක මනුස්සයෙක්ලු ඕන කරන්නී ජීවත් වෙන්න. ඒ වගේම ආගම වැදගත් නැතිලු. හැබැයි පිං පව් ගැන වැටහීමක් තියෙන සහ ඒ ගැන විශ්වාස කරලා ජීවත් වෙන කෙනෙක්ලු චූලක්ශි හොයන්නේ.

කට කතා ගැන ඇහුවම චූලක්ශි කියලා තිබුණේ පල ඇති රුකට කොහොමත් ගල් ගහනවා ඒ ගැන වැඩිය හිතන්න ඕන නැහැ කියලා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close