Daily News
Trending

පැස්බර රංචුවකට කොටුවෙලා ශලනිට වෙච්චි දෙයක්..Exclusive Photos




පැස්බරා කියන්නේ ලෝකයේ සිටින විශාලම පක්ෂියා. ඒ වගේම එයාට වේගයෙන් ඇවිදීමේ හැකියාවක් තියෙනවා. පැස්බරාට කේන්ති ගියොත් එහෙම හැඩි දැඩි මිනිහෙක්ට වුණත් බිම වැටෙන්න ගහන්න පුළුවන්.

මේ කිසිම දෙයක් තඹ සතේකට මායිම් කරපු නැති ශලනි තාරකා පැස්බර රංචුවක් මැද්දට යනවා අතේ කෑම පාර්සලයකුත් තියාගෙන. ශලනි හිතන්න ඇති උන් එක්කෙනා පස්සේ එක්කෙනා ඇවිත් අතේ තිබ්බ කෑම පාර්සලෙන් ටික ටික කාලා යයි කියලා.

මොන පිස්සුද අනේ.. පැස්බරු රංචුවම ශලාව වටකරගත්තා. අතේ තියෙන කෑම ඩිංග ඩිංග දුන්නා කියලා පැස්බරෙක්ගේ කුසගින්න නිවන්න පුළුවන්ද? ඉතින් පැස්බරුන් පහක් හයක් විතර එයාලගේ දිග බෙල්ල දික් කරගෙන ශලනිගේ වටේ පොරකනවා. බැරිවෙලා හරි මෙයාලට කේන්ති ගියානම් එහෙම ශලනිට ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා.

ඕස්ට්‍රේලියාවේ Phillip Island Nature Park එකේ දී තමයි ශලාට මේ පැස්බරු ඇටෑක් එක සිද්ධ වෙන්නේ.

ශලනි සතුන්ට කැමති කෙනෙක්. ඒක පැස්බරාලටත් තේරෙන්න ඇති. ඒ නිසා ශලනිට අනතුරක් නම් වුණේ නෑ. ඔක්කොම හරියට නිකන් වශියක් දුන්නා වගේ ශලා වටේ කැරකුනා විතරයි. ශලා මේ විදියටම කොටි පැටියෙක් හුරතල් කරන පින්තූරයකුත් ෆේස්බුක් එකේ තිබිලා දකින්න ලැබුණා.

ඔන්න ශලා පැස්බරාලා එක්ක මෙහෙම විනෝද වුණාට ඔයාලා නම් එහෙම කරන්න එපා. මොකද පැස්බරාට ඉක්මනට කේන්ති යනවා කියලයි අපි අහලා තියෙන්නේ. එහෙම වෙලාවට ඉතින් දුවලා බේරෙන්න වෙන්නෙත් නෑ. මොකද එයාලට පුදුම වේගෙකින් දුවන්න පුළුවන්ලුනේ.

 

 

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close