GossipsHollywood & Bollywood
Trending

ප්‍රියංකා – නික් විවාහ මංගල්‍යයේ සැඟවුණ රහස්

Secrets of priyanka's wedding




Secrets of priyanka’s wedding Exclusive from Starfiends.lk

බොලිවුඩ් හොල්ලපු විවාහ මංගල්‍යයන් කිහිපයක් පහුගිය දවස්වල එක දිගටම අහන්න ලැබුණා. නික් සහ ප්‍රියංකාගේ (Nick & Priyanka) විවාහ මංඟල්‍යයත් ඉන් එකක්. අති විශාල වියදමක් දරමින් සැමරූ මෙම විවාහ මංගල උත්සවයේ සැඟවුණ බොහෝ තතු දිනපතාම ඉන්දීය මාධ්‍යවේදීන්ට සොයාගන්න ලැබෙනවා. ඒ අනුව වාර්තාවී තිබුණ පුවත් කිහිපයක් ඔයාලා එක්ක බෙදාගන්න අපි අදහස් කළා.

පසුගිය දෙසැම්බර් 1 වැනි දින ක්‍රිස්තියානු චාරිත්‍රානුකූලව ප්‍රියංකා සහ නික් විවාහවන පොරොන්දුව පළකරනු ලැබුවා. එය සිදුවන්නේ උමේඩ් භවාන් නමැති මාලිගාවේදී. මෙම මාලිගාව පිහිටා තිබෙන්නේ රාජස්ථානයේ ජෝද්පූර්හි. එහි වත්මන් හිමි කරුවා වන්නේ ගජ් සිං නමැත්තෙක්. ලෝකයේ ඇති විශාලතම පෞද්ගලික නිවාස වලින් ඒකක් වන මෙම මාලිගාව ගොඩනගා ඇත්තේ උමේජ් සිං නමැති මහරාජා කෙනෙක්. 1929 දී පමණ ගොඩනගා ඇති මෙහි කම්කරුවන් දහස් ගණනින් සේවය කර ඇති බව ද සැළවෙනවා. මෙම මාලිගා සංකීර්ණය අක්කර 26ක ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර එහි කාමර 347ක් ඇති බව පැවසෙනවා. මාලිගාව වටා අක්කර 15ක් පමණ රමනීය භූමිභාගයක් ඇති බව ද දැනගන්න ලැබෙනවා.

මෙම මාලිගාව මේ වන විට කොටස් තුනකට බෙදා ඇති අතර එහි එක් කොටසක් පාලනය කරනු ලබන්නේ ටාජ් හෝටල් සමූහය විසින්. තවත් කොටසක රජ පවුලේ වත්මන් සමාජිකයන් වාසය කරන අතර අනෙක් කොටස කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. එම කෞතුකාගාරයෙන් රජ පවුලේ සිහිවටනයන් සංරක්ෂණය කරනු ලබනවා.

ප්‍රියංකාගේ විවාහයේ හින්දු චාරිත්‍ර පැවැත්වුණේ දෙසැම්බර් 2වැනිදා. එහිදී චාරිත්‍රානුකූලව මෞලි උත්සවය, මෙහෙන්දි උත්සවය, සංගීත් උත්සවය, කහ චාරිත්‍රය, ඇතුළු හින්දු විවාහ මංගල්‍යයක ඇතුළත් විය යුතු සියලුම චාරිත්‍රවාරිත්‍ර ඉටු කරනු ලැබුවා. මල්මාලා හුවමාරු කරගන්නා අවස්ථාවේ දී ප්‍රියංකාගේ ඇස්වලින් කඳුළු කඩාහැලුණ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ප්‍රියංකාගේ සහෝදරයා නික් අසලම රැඳෙමින් චාරිත්‍ර සම්බන්ධයෙන් නික්ව දැනුවත් කරන අයුරු මෙහිදී කාගෙත් සිත් ගත් දසුනක් වුණා.

මෙම උත්සව අවස්ථාවේ දී නික් විසින් ප්‍රියංකාගේ නාමය මෙහෙන්දිවලින් අතේ ඇඳගෙන සිටිනු දක්නට ලැබුණා. හින්දු චාරිත්‍රානුකූලව ඒදින නික් මංගල ශාලාවට පැමිණ තිබුණේ සුදු අශ්වයකු පිටේ නැගී. ඊට පසු මනාල යුවලම අලියකු පිට නැගී මාලිගා පරිශ්‍රය වටා රවුමක් ගොස් තිබෙනවා. සංගීත් උත්සවයේ දී නික්ගේ පවුලේ උදවිය ද පැමිණ සිටියේ ඉන්දියානු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී. පවුල් දෙකෙහිම උදවිය මෙහිදී තරගයට නර්තනයේ යෙදුන බව සඳහන් වෙනවා. මෙම විවාහ මංගල්‍යයට සහභාගී වේවි කියා බොහෝ දෙනෙක් සිතූ හැරී කුමරුන්ගේ අතගත් මේගන් මාර්කල් කුමරිය නම් ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබුණේ නැහැ. මේගන් සහ ප්‍රියංකා සමීප මිතුරියන් වූ අතර මේගන්ගේ රාජකීය විවාහ උත්සවයට ප්‍රියංකාට ද ආරාධනා ලැබී තිබුණා. මේගන් සහභාගී වී නොසිටියේ ඇය ගැබිණි මවක් වන නිසා බවත් සඳහන් වෙනවා.

Secrets of priyanka’s wedding Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close