Daily News
Trending

ප්‍රවීණ නළු ඩබ්ලිව් ජයසිරි සම්මාන උළෙල නිරුවත් කරයි.




ඩබ්ලිව් ජයසිරි කියන්නෙ අපේ රටේ සිටින ප්‍රවීන රංඟවේදියෙක්. ඔහු වේදිකාවේත් පුංචි තිරයේත් එක වගේ දක්ෂ ලෙස චරිත නිරූපණය කරනවා. මෑතකදී මෙගා ටෙලි නාට්‍ය කලාව නිසා ඩබ්ලිව් ජයසිරි මහතා එක තැන නතර වුණා දෝ කියන හැඟීමත් නැතිවම නෙමෙයි. එකම විදියෙ චරිත එක්ක නිතර නිතර පෙනී සිටීම නිසා එතුමන්ගේ රංඟ කෞශල්‍යය පවා හාස්‍යයට ලක් වූ අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එතුමන් හාමුදුරු චරිතවලට දිගින් දිගටම පෙනී සිටීම ඒකාකාරී බවක් ගෙන දුන්නා.

මේ මොනවා වුණත් ඩබ්ලිව් ජයසිරිලා ලංකාවේ ඉන්නෙ එක් අයකු පමණි. එය අනාගතයේත් එලෙසම වනු ඇත. ඕනවට වැඩි දැඟලිල්ලකින් තොරව ප්‍රෙක්ශකාගාරය ඉල ඇදෙන තරමින් සිනාගස්සවන්නට ඔහු සතු වූයේ පුදුමාකාර කෞශල්‍යයකි. නමුත් ඔහු විකට නළුවකු නොවීය.

මේ තරම් පළපුරුදු සහ ප්‍රවීණ රංගන ශිල්පියකු මෑතකදී කළ ප්‍රකාශයක් නිසා සම්මාන උළෙලවල් සම්බන්ධයෙන් යළිත් වරක් සිතන්නට බොහෝ දෙනා පෙළබුණා වියයුතුයි.

මෑතකදී අවසන් වූ සුමති සමාන උලෙළටද පසුව ඩබ්ලිව් ජයසිරි මහතා සොය ෆේස්බුක් පිටුවෙහි ඉතාම බරපතල ප්‍රකාශයක් පළකොට තිබුණි. එය මෙසේය

“සියලු සම්මාන උලෙළ පක්ෂපාතීය. ඒ ඒවායෙහි ස්වභාවයයි”

පිළිගැනීමක් ඇති ප්‍රවීණයකු අතින් මෙබඳු ප්‍රකාශයක් එලියට ඒම සම්මාන උළෙල විනිශ්චය නිරුවත් කරන තරමේ බලපෑමක් වන්නේය. ළඟ ළඟ පැවැති සම්මාන උලෙළ දෙක තුනකදී එකම නිර්මාණ ගොන්නෙන් අතිශය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබෙද්දී ඔහු එසේ කීම එක අතකට සාධාරණය.

සමහර සම්මාන උලෙළවලදී කිසිදු සම්මානයකට නිර්දේශ නොවූ නිර්මාණ තවත් සම්මාන උළෙලකදී සම්මානිත වන්නේය. මේ හරුපය තේරුම් ගැනීම උගහට නමුත් ඒවා පිටුපස ඇති කටුක යථාර්ථය ඩබ්ලිව් ජයසිරි මහතා තනි වාක්‍යයකින් ඉදිරිපත් කර ඇත.

මේ ප්‍රකාශයත් සමඟ සම්මාන සහ සම්මාන උළෙල තව දුරටත් ප්‍රශ්නාර්ථයක් වනු ඇත

Tags
Show More
Close