Daily News
Trending

ප්‍රමුදිට අලුත් බලාපොරොත්තුවක්. නිත්‍යවානිට අලුත් ජීවිතයක්.




යාළුකම් හරියට පිරිසිදු වතුර වගේ පැහැදිලියි. ඒ වගේම කාලයක් පවතිනවා. එහෙම යාළුවෝ දෙන්නෙක් අවුරුදු 18කට පස්සේ ආයෙත් එකට මුණගැහෙනවා. මේ මුණගැසීම සිදුවන විට යාළුවෝ දෙන්නාටම නැවුම් බලාපොරොත්තුවක් තිබුණා.

වසර 2000දී තිරගත වූ සරෝජා චිත්‍රපටයෙන් මුණගැසුන ප්‍රමුදි සහ නිත්‍යවානී ඊට පස්සේ හොඳම හොඳ යාළුවෝ බවට පත් වෙනවා. කාලය හරිම වේගයෙන් ගතවෙලා නිත්‍යවානිලා ප්‍රමුදිලා තරුණ වියටත් එළඹෙනවා. ඒත් යාළුකම් වෙනස් වෙන්නේ නැහැ.

පසුගිය දවසක නිත්‍යවානි කන්දසාමිගේ විවාහ මංගල්‍යය පැවැත් වුණා. ඒ අවස්ථාවට ඇගේ ආදරණීය මිතුරිය වූ ප්‍රමුදිත් සහභාගී වී තිබුණා. ප්‍රමුදි හිටියේ මව් පදවිය ලැබීමේ සූදානමක ලකුණු පළකරමින්.

නිත්‍යවානිගේ සරණ මංගල්‍යයට වගේම ප්‍රමුදිගේ මව් පදවියට අපි සුබාශිංසන එකතු කරනවා. ඒ වගේම මේ යාළුකම තව බොහෝ කාලයක් පවතීවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close