Daily News
පස් දෙනෙක්ට ජීවිතය දීපු නිසා චූලක්ෂි සතුටින්.Exclusive Photos
Chulakshi Ranathunga

Chulakshi Ranathunga Exclusive from Starfiends.lk
චූලක්ෂි කිව්වම ඉතින් ලංකාවේ නම්බර් වන් මොඩ්ලර් කෙනෙක් තමයි. ඒ වගේම චූලක්ෂි රංඟනයටත් සමත්කම් දක්වනවා.
නිරූපන වෘත්තිය කරගෙන යද්දී බොහෝ විට චැරිටි සර්විස් කරන්න වෙනවා. එහෙම නැතුව ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන්න අපහසුයි. මේ නිසා බොහෝ නිරූපිකාවන් වගේම නිරූපන ශිල්පීන් චැරිටි සර්විස් එක්ක මුණගැහෙනවා. ඒත් මේ වෘත්තිය මහ පොළොවේ පැල කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මොකද නිරූපන ක්ෂේත්රයේ බොහෝ දේවල් මහ පොළොවේ යථාර්ථයට සහ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒ මොනවා වුණත් නිරූපන වෘත්තිය කියන්නේ හයික්ලාස් ෆීල්ඩ් එකක්.
අපේ රටේ දැනට සිටින නිරූපන ශිල්පීන් අතරින් චූලක්ෂිට වටිනා ස්ථානයක් හිමිවෙනවා. ඇය මොන වගේ කෙනෙක් ද කියලා ඔයාලා හරියටම නොදන්නවාත් ඇති. අපිට චූලක්ෂි කවුද කියලා හරිහැටිම තේරුම් ගන්න පුළුවන්වෙන පුවතක් දැනගන්න ලැබුණා. මේ පුවත ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරන්නෙත් ඇයමයි.
චූලක්ෂි ළඟදී දිනෙක ජීවිත පහක් බේරගන්නවා. තුවාල, මැක්කො, පණුවෝ එක්ක වේදනා විඳපු මේ ජීවිත පහම නීරෝගී කරන්න ඇය උත්සාහ ගන්නවා. ඇත්තටම ඒ පුංචි බලු පැටවුන් පස් දෙනෙක්. අම්මා එක්ක හිටියාට මේ පැටවුන්ගේ ඇඟ පුරාම මැක්කො සහ පණුවෝ ඉන්නවා. චූලක්ෂි මේ සත්තු පස් දෙනාවම නාවලා කොන්ඩිස් වතුරෙන් හෝදනවා. ඊට පස්සේ එයාලා හරිම සැහැල්ලුවෙන් සහ සතුටින් ඉන්නවා දැකලා චූලක්ෂි හරියට සතුටු වෙනවා. හැබැයි එදා දවසටම චූලක්ෂිට කෑම කන්න නම් පිරියක් තිබුණේ නැහැ. ඒ වුණාට චූටි බලු පැටවුන් පස් දෙනා කාලා බීලා සතුටින් සෙල්ලම් කරනවා දැක්කාම චූලක්ෂිට බඩගින්න දැනුනෙත් නැහැලු.
සත්තුන්ට වගේම අපි මිනිස්සුන්ටත් ආදරය කරමු. චූලක්ෂිගේ අවසාන ඉල්ලීම වෙලා තිබුණේ ඒක.







Chulakshi Ranathunga Exclusive from Starfiends.lk