Daily News
Trending

පණ එපා කියලා ගැහි ගැහි, ඩිලන්ත එක්ක රේසින් කාර් එකක ගියපු තනුජා.




ලංකාව කියන පුංචි රටෙන් බිහි වෙලා ධන කුවේරයින්ට විතරක් අයිති වෙලා තිබුණ රේසින් කාර් එහෙම නැත්නම් ලැම්බෝගිනි රේස් පදින ඩිලන්ත මාලගමුවව ඔයාලා විතරක් නෙමෙයි ලෝකයක්ම හොඳින් අඳුරනවා.

ඩිලන්ත එක්ක රේසින් කාර් එකක වටයක් යන්න ලැබෙනවා නම් ඒක මොන වගේ අත්දැකීමක් වේවිද? හීනයක් වගේ නේද?

තනුජා ජයවර්ධන ඒ හීනය අත්පත් කරගන්න සමත් වෙනවා. ලෝකයේ සිටින වේගවත්ම මිනිසකු සමඟ ත්‍රාසජනක මෝටර් රථ චාරිකාවකට සහභාගී වූ තනුජා ඇගේ අත්දැකීම විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි.

“මම හුස්ම ගන්නා මේ මොහොත දක්වා මට මුණගැහුණ බය නැති මිනිසා ඔහුයි ”

තනුජා මෙහෙම විස්තර කරන්නේ ඩිලන්ත ගැන.

” මගේ ජීවිතයේ මං ගැන ඒ තරම් බය වූ මොහොතක් තවත් නැති තරම්. මනුස්ස‍යකුට මෙහෙම බය නැති වෙන්න පුළුවන්ද කියලා මට හිතුනා. මම ඇස් දෙකත් වහගෙන ගාථා කිය කියා තමයි ගියේ. එච්චරට ස්පීඩ්. මං කෑගැහුවා. මං විතරක් නෙමෙයි සුජානි මේනකා, සචිත්‍ර එහෙමත් හිටියා. අන්තිමට ඩිලන්තට සිදු වුණා ට්‍රැක් එකක අපිව නතර කරන්නත් ”

තනුජාගේ හුස්ම නතර කරවපු ඩිලන්තගේ කාර් රේස් එකේ ස්පීඩ් එක නම් පැයට කිලෝමීටර් 80ක් විතර මං හිතන්නේ. මේ කියන්නේ පටු මංතීරුවක ධාවනය වූ වේගය. ඩිලන්තගේ ඉන්ටර් නැෂනල් වේගය ගත්තා නම් එහෙම තනුජාගේ හුස්ම නතර වෙන්නත් ඉඩ තිබුණා.

සාමාන්‍යයෙන් තනුජා ජයවර්ධන කිව්වම ඉතින් ඕන කෙනෙක්ට හිතෙන්නේ යකාටවත් බය නැති කෙල්ලක් කියලානේ. ඒ වුණාට තනුජා ඩිලන්ත එක්ක කාර් රේස් යන්න නම් බයයි කියලා ලංකාවම වගේ දැන් දන්නවා.

Tags
Show More
Close