Daily News
Trending

නෙහාරා විලාප තිව්වේ ඇයි?

Nehara Peiris




Nehara Peiris Exclusive from Starfriends.lk

විදෙස්ගතවෙලා හිටපු නෙහාරයි මේනකායි (Nehara Peiris & Menaka Rajapaksha) දෙන්නා මෑතකදී ලංකාවට ආවනේ. කොහොමටත් ලංකාවේ ජීවත්වනවා කියන අදහස තමයි විදෙස්ගත වෙලා ඉන්නකොටත් නෙහාරලාට තිබුණේ. මේනකගේ අධ්‍යාපන කටයුතු එහෙම සෙට්ල් වුණාම ලංකාවට ඇවිත් දිගටම රංඟන කටයුතු එක්ක එකතු වෙන්න තමයි නෙහාරායි මේනකයි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් නෙහාරයි මේනකයි ලංකාවට ආපු වෙලාවක නෙහාරා ඇයගේ එක්තරා පුරුද්දක් ගැනත් මාධ්‍යයට කියලා තිබුණා.

නෙහාරාට සොර සතුරු බිය තදින්ම තියෙනවාලු. නිදාගන්න කලින් දොර යතුරු දාලා ද? කියලා බලලා ඇඳවල් යටත් සර්ච් කරලා තමයි ඇය සැහැල්ලුවෙන් නින්දට යන්නේ. රූපවාහිනියෙන් නිවුස්වලට සොරකමක්, මංකොල්ලයක් වගේ දෙයක් ගැන කිව්වොත් එදාට නෙහාරාට නින්ද යනවා බොරු. ඒ හොරකම මට වුණා නම් මොනවා වෙයිද වගේ දේවල් හිතහිතා ඉන්න එක තමයි ඊට පස්සේ ඇය කරන්නේ.

මෙහෙම වුණාට නෙහාරාට හොල්මන් ෆිල්ම්ස් බැලීමේ පුදුමාකාර ආසාවකුත් තියෙනවා. පණ බයේ ගැහි ගැහි මෙහෙම ෆිල්ම් එකක් බැලුවාට පස්සේ නෙහාරා ගේ ඇතුලේ ඇවිදින්නේත් හොල්මනක් දැක්ක ගාණට බයේ ගැහි ගැහි. දවසක් ඔන්න ඥාති සහෝදරියන් ටිකකුත් එක්ක නෙහාරා හොල්මන් ෆිල්ම් එකක් බලනවා. ෆිල්ම් එක ඉවර වුණාම සහෝදරියන් ටික කාමරේ ලයිට් නිවලා එලියට පනිනවා. කළුවර කාමරේ තනිවුණ නෙහාරා වහළේ උළු බිමට පාත්වෙන තරම් හයියෙන් යටි ගිරියෙන් මොර දෙනවා. ඒ ජෝක් එකට නම් නෙහාරාගේ තාත්තාට හොඳටම කේන්ති යනවා. ආයේ ඒ වගේ වැඩ කරන්න එපා කියලා අර සහෝදරියන්ටත් දොස් කියලයි ඒ විහිළුව අවසන් වෙලා තිබුණේ.

නෙහාරායි මේනකයි ලංකාවෙන් ගියේ දෙන්නාගේම පීක් ටයිම් එකේ. ඒත් තවමත් මේ දෙන්නාට තියෙන රසික ආකර්ශනයේ අඩුවක් නැහැ. ඒ නිසා ඉදිරියේදී අපිට නෙහාරාගෙයි මේනකගෙයි රඟපෑම් ආපහු වතාවක් දකින්න ලැබේවි.

Nehara Peiris Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close