Daily News
Trending

නෙහාරයි මේනකයි හිටිහැටියෙ ලංකාවට ඇවිත්




විවාහයත් එක්ක රංඟනයට සමුදීලා ඇමරිකාවට ගියපු නෙහාරයි මේනකයි හිටිහැටියේම ලංකාවට ඇවිල්ලා කියලා ආරංචි වුණා.

ඔයාලට මතක ඇතිනේ.. මුතු කිරිල්ලී නාට්‍යයෙන් තමයි මේ දෙන්නා හුඟක්ම ජනප්‍රිය වුණේ. කොහොම වුණත් රට යන තීන්දුව ගන්නකොට නෙහාරා වගේම මේනකත් හිටියෙ පීක් එකේ.

මේනකගෙ අධ්‍යාපන කටයුතු ගැනත් හිතලා තමයි මේ විදියට මේනකා සහ නෙහාරා විදෙස්ගත වන්නේ. ඉතිං ලබන අවුරුද්ද අන්තිම වගේ වෙද්දි ආයෙත් ලංකාවට එන්න හැකියාව ලැබෙයි කියලත් ඔවුන් කියනවා.

මේනකයි නෙහාරයි හදිසියේම ලංකාවට ඇවිත් තියෙන්නේ නම් විවාහ උත්සවයක් නිසා. නෙහාරාගේ මල්ලිගේ විවාහ උත්සවයට සහභාගී වෙන්න තමයි ඔවුන් මෙහෙ එන්නේ.

ඉදිරියේ දවසක ආයෙත් නිර්මාණ වැඩ එක්ක සම්බන්ධ වෙන්න මේනකගෙ නම් අදහසක් තියෙනවා. කොහොම වුණත් ඒකටත් තව ටික දවසක් යයි.

මේනක වගේම නෙහාරා නැවත වතාවක් තිරයෙදි දකින්න ලැබීම ලංකාවේ රසික රසිකාවන්ට හොඳ ආරංචියක් වනවාට සැකයක් නැහැ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close