Daily News
Trending

නිදහසේ පියාට බෝතලේ වළව්ව අකැපද?




නිදහසේ පියා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. එතුමන් තමයි නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා. අග්‍රාමාත්‍ය ධුරය දක්වා එතුමන් ආවේ විවිධ බාධක හිරිහැර මධ්‍යයේ. ඒ නිසා අපි අදත් හෙටත් එතුමන්ව කෘතවේදීව සිහිපත් කරනවා.

නිදහසේ පියා වූ ඩී එස් සේනානායකයන්ව සිනමාවට නැගෙන්නේ අන්න ඒ වටිනාකමත් එක්ක.

ඩී එස් සේනානායක මහත්තයා ජීවත් වුණේ බෝතලේ වළව්වේ. අදත් බෝතලේ වළව්ව ඒ විදියටම තියෙනවා. ඒත් නිදහසේ පියා රූගත කිරීම් සඳහා බෝතලේ වළව්ව ලබා ගන්න නිෂ්පාදක කණ්ඩායම අසමත් වෙනවා. එහෙම වුණේ ඇයි?

ඩී එස් සේනානායකයන්ගේ ජීවිත කතාවට සෘජුවම සම්බන්ධ වන බෝතලේ වළව්ව රූගත කිරීම්වලට ලබා ගන්න බැරිවුණේ ඇයි?

ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.

නිදහසේ පියා රූගත කිරීම්වලට බෝතලේ වළව්ව ගන්න ඕනේ කියන තීරණයේ මුල ඉඳලාම හිටියත් ඩී.එස් අනුස්මරණ කමිටුවෙන් ආපු චෝදනාවක් නිසා නිෂ්පාදක කණ්ඩායමට ඒ අදහස අතහැර ගන්න සිදුවෙලා. චිත්‍රපටයේ නම වෙනස් කළා කියන චෝදනාව තමයි ඔවුන් ඉදිරිපත් කරලා තිබුණේ.

කොහොම වුණත් අවසානේදී රූගත කිරීම් සඳහා බෝතලේ වළව්වට සමාන වෙනත් වළව්වක් තෝරා ගන්න සිදුවෙනවා. මේ ගැන ඇහුවම සුනෙත් මාලිංග නම් කියන්නේ කොහොමටත් බෝතලේ වළව්ව රූගත කිරීම්වලට ගන්න තරමක් අසීරුයි කියලා. මොකද ඒක දැනටමත් කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යන නිසා.

ඒක නම් ඉතින් පෙරළුන පිට හොඳයි කියන්න වගේ කියපු කතාවක්නේ. කොහොම වුණත් කමක්නෑ. දැන් වැඩේ කරලා ඉවරයි. චිත්‍රපටය මේ මාසේ මැද තිරගත කෙරෙනවා. ඒ නිසා දර්ශනතල වල සමාන අසමානකම් වගේම නොගැලපීම් ගැනත් ෆිල්ම් එක බලලාම කතා කරමු.

Tags
Show More
Close