Daily News
Trending

“නිදහසේ පියා”ටත් පියවරු ගොඩයි.




සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන අති දැවැන්ත සිනමා අත්දැකීම විඳගන්නට තව තියෙන්නේ ඉතාම කෙටි කාලයයි.

තිරගත වෙන්නත් කලින් මේ තරම් ආන්දෝලනයට ලක් වූ සිනමා වෘතාන්තයක් තවත් නැති තරම්. ශ්‍රී ලංකාවට නිදහස දිනා දීමට පුරෝගාමී වූ චරිතයක් වන මහා මාන්‍ය ඩී එස් සේනානායක චරිතාපදානය සිනමාවට නැඟීමේ වෑයම සුළුපටු එකක් නෙමෙයි. ඊට අති දැවැන්ත පිරිවැයක් වගේම මිනිස් ශ්‍රමයක් දරන්න සිදුවෙනවා.

නිදහසේ පියා සිනමා නිර්මාණය බිහි වන්නේ කොහොමද? සැබෑවටම එහි අයිතිකරුවා කවුද? නිදහසේ පියාගේ සැබෑ හිමිකරුවා කවුද? මේක විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාගේ කියලා හිතාගෙන පිරිසක් මේ නිර්මාණය වාරණය කරන්න හිත හදාගෙන තියෙන බව අපි දන්නවා. හැබැයි මේක එයාලා හිතන විදියටම විජයදාස ඇමැතිතුමාගේ නෙමෙයි. නිදහසේ පියාට අයිතිකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒකට හේතුව වෙන්නේ මේ නිර්මාණය වටා නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක්ම රොක්වී සිටීම. එහෙම නැතුව ලක්ෂ නවසියයක් තරම් වන අති විශාල මුදලක් දරන්න බැහැනේ.

සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා, ශ්‍රීමත් මොහාන් ඩිල්මන් ජයරත්න, ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ, ශාස්ත්‍රීය රාජපුත්‍ර වීරසිංහ, චන්න විකුම් හෙට්ටිආරච්චි, ආචාර්ය මොහොමඩ් අමනුල්ලා, යන සියලුම දෙනා නිදහසේ පියා චිත්‍රපටය නිපද වූ නිෂ්පාදකවරුන් වෙනවා. මේ නිසා නිදහසේ පියාට පියවරුන් කිහිප දෙනෙක්ම සිටින බව අපි ඔයාලට මතක් කරනවා.

මෙම නිර්මාණයේ ප්‍රධානම චරිතය වන ඩී . එස් සේනානායක චරිතය නිරූපණයට තුමිඳු දොඩන්තැන්න සහ ලක්ෂ්මන් මෙන්ඩිස් සහභාගී වන බවත් මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි.

Tags
Show More

Related Articles

Close