GossipsHollywood & Bollywood
Trending

නික්-ප්‍රියංකාටත් සුබ මංගලම්.Exclusive Photos




බොලිවුඩයේ සුපිරි තාරකාවක වන ප්‍රියාංකා චොප්රා සහ ගායක නික් ජෝනෑස් අතර ඉන්දියානු සම්ප්‍රදායට සිදුකරන විවාහය එරට රාජකීය මන්දිරයකදී සිදු කරලා තියෙනවා

ජෝධාපූර් උමෙයිඩ් භවන් මන්දිරයේදී ඉස්සෙලාම කිතුණු චාරිත්‍රානුකූලව මෙම විවාහ මංගල්‍යය සිදුවූ අතර ඊට පසුව හින්දු චාරිත්‍රානුකූලව ද විවාහය සිදුවී තිබුණා.

වසරකට වැඩි කාලයක් පෙමින් වෙලී සිටි නික් සහ ප්‍රියංකා මීට මාස හතරකට කලින් විවාහ ගිවිස ගත් අතර, ඔවුන්ගේ විවාහයේ සොඳුරු දසුන් ඔවුන්ගේ සමාජජාල ගිණුම් වෙතද යොමුකර තිබුණා.

ඔවුන් දෙදෙනාම පවසා තිබුණේ ඔවුන්ගේ විවාහයේ පැවති සුවිශේෂීත්වය වන්නේ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් එකිනෙකාගේ විශ්වාසයන්ට හා සංස්කෘතීන්ට ගරු කරමින්, ඊට ආදරය කරමින් කටයුතු කිරීම කියලයි.

අපි නික් සහ ප්‍රියංකාගේ මංගල්‍යය ගැන තව ගොඩක් තොරතුරු ඉදිරියේදී ඔයාලට කියනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close