Daily News
Trending

නැතිවුණ දේවල් ගැන මම දුක් වන්නේ නැහැ. – හේමාල් රණසිංහ

Hemal Ranasinghe




Hemal Ranasinghe | Starfriends 

හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ සිනමාවට මෑත ඉතිහාසයේ බිහි වූ කඩවසම්ම නළුවා කිව්වත් වරදක් නැහැ. ඔහු ජනප්‍රිය සිනමාවේ දී සුවිශාල ආකර්ශනයක් දිනාගන්න සමත්ව තිබෙනවා. හේමාල් ආරම්භයේ දී ටෙලිනාට්‍ය රංඟනයට ද සහභාගී වී තිබුණත් පසුව ඔහු සිනමා රංඟනයට පමණක් සීමා වෙනවා. ඒ වගේම හේමාල් සිනමා රංඟන ශිල්පියකුට අවශ්‍ය තරු ගුණය නොනැසී පවත්වා ගන්නටත් සමත් වෙනවා. ඔහු මෙවර ස්ලිම් නීල්සන් ජනප්‍රියම නළුවා සම්මානයට පවා හිමිකම් කියනවා.

රියැලිටි තරඟ විනිශ්ඡයකරුවකු ලෙස ද හේමාල් පරිනත බවක් පෙන්වා තිබෙනවා. හේමාල් නිතර නිතර මුහුණ පෙන්වන්න කැමැති කෙනෙකුත් නෙමෙයි. ඔහු වෙළෙඳ දැන්වීම් වලින් පවා මුණැහෙන්නේ කලාතුරකින්. ඒ වගේම මාධ්‍යයට පවා ඉදිරිපත් වීමේ දී හේමාල් ගොඩක් සැළකිලිමත් වෙනවා.

හේමාල් සම්බන්ධයෙන් මේ දවස්වල සුභවාදී කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තාල චිත්‍රපටයේ ඔහු සිදු කරන රංඟනයත් එක්ක. තාල ගැන කරපු පුවත්පත් සාකච්ඡාවකදී හේමාල් මේ ෆීල්ඩ් එක ගැනත් කතා කරලා තිබුණා. රංඟන ශිල්පියෙක් හැටියට සිනමාවේ විතරක් රැඳී සිටිමින් පැවැත්ම හදාගන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නයට හේමාල් දීලා තිබුණේ මෙන්න මේ වගේ උත්තරයක්.

˝එකම ක්ෂේත්‍රයක රඳාපවතින්න නොහැකි වීම ලංකාවේ හැම ක්ෂේත්‍රයකටම බලපාන තත්ත්වයක්. නමුත් එහෙම බැහැ කියලා අතහැරලා දානවාට වඩා මම උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න. මට පුළුවන් කාලයක් ඒ විධියට කරගෙන යනවා. ඒක ලේසි පහසු නැහැ. ගොඩක් අමාරුයි. මම සිනමාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වෙනුවෙන් නැතිවුණ දේවල් ගැන මම දුක් වන්නේ නැහැ. මගේ එකම බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණ ලබා දීම. එහිදී හොඳ නරක භාරගෙන ඉදිරියට යා යුතුයි˝

හේමාල් සිනමාව වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් කරන බව අපිට වුණත් පැහැදිලියි. ඔහු ජනප්‍රියත්වය උදෙසා නිර්මාණ භාරගන්න කෙනෙක් නෙමෙයි. නිර්මාණයක් එක්ක තියෙන්නේ හෘද සාක්ෂිය එක්ක කරන ගණුදෙනුවක් බවත් හේමාල් කියනවා. කිසි දිනක සම්මාන වෙනුවෙන් රඟපාන්නේ නැති බවත් හේමාල් මෙම සාකච්ඡාවේ දී පැහැදිලි කරලා තිබුණා.

Hemal Ranasinghe | Starfriends 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close