GossipsHollywood & Bollywood
Trending

නානා පටේකාර්ට එරෙහි ලිංගික චෝදනා සටනට කාජල්ගේ සහයත් ලැබෙයි.




මීට අවුරුදු දහයකට කලින්, ඒ කියන්නේ 2008 වර්ෂයේදී නොවිය යුතු දෙයක් සිදු වෙනවා. ඒ Horn Ok Please දර්ශන තලයේදී. මේ නිර්මාණයට තනුශ්‍රී දත්තා සමඟ ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පටේකර්ද සහභාගී වනවා. තනුශ්‍රී දත්තාට එම දර්ශන තලයේදී ලිංගික හිරිහැර සිදු වූ බවට පසුව ඇය ඉන්දීය මාධ්‍ය වෙත හෙළිදරව් කරනවා. තනුශ්‍රී කියන්නේ මිස් ඉන්දියා කිරුළ දිනාගත්ත රුවැත්තියක්. ඉතින් ඇය මේ කරපු හෙළිදරව්වෙන් පස්සේ බොලිවුඩ් සිනමා කර්මාන්තයට එක්වන කළු පැල්ලම මකා දැමීම සඳහා සුපිරි නළු නිළියන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා. ඒ අය අතර වරුන් ධවාන්, ප්‍රියංකා චොප්රා, අමිතාබ් භච්චන්, අමිර්ඛාන් ද සිටියා. මේ සියලුම දෙනා ලිංගික හිංසනයට එරෙහිව සෘජුව ප්‍රකාශ නිකුත් කළා.

තනුශ්‍රීගෙන් ලිංගික හිරිහැර චෝදනා ලබන්නේ ප්‍රවීණ නළු නානා පටේකර්. ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ප්‍රවීණ සිනමා නිළි කාජල් ද එකතු වෙලා තිබුණා. ඇය සාකච්ඡාවකදී සිය අදහස පළකර තිබුණේ මෙන්න මේ විදියට.

” ඇය කතා කරන්නේ අපේ ඉන්ඩස්ට්‍රිය තුළ අනිවාර්යයෙන්ම සිදු වන යථාර්ථයක් ගැන. ඒ වගේම මේ තත්ත්වය අපේ ඉන්ඩස්ට්‍රියට විතරක් සීමා වුණ දෙයක් නොවන බවත් කියන්න ඕනේ. කොහොම වුණත් අපි මේ ගැන කතා කරන්න ඕනේ. මේ තත්ත්වය මට උදා වුණා නම් අනිවාර්යයෙන්ම මම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා ”

සහෝදර ශිල්පිනියකට අසාධාරණයක් සිදු වූ විට ස්වාධීනව සිය මතය දැක්වීමට තරම් පිටකොන්දක් තිබීම සතුටු විය හැකි තත්ත්වයක්.

කොහොම වුණත් මේ චෝදනා අසත්‍ය බව තමයි නානා පටේකර් නම් කියන්නේ. ඒත් මේ වෙලාවේ තනුශ්‍රී එක්ක බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close