GossipsHollywood & Bollywood
Trending

නයනතාරා මුල්වරට කළු චරිතයකින් සිනමාවට.




දකුණු ඉන්දීය සුපිරි තාරකාවියක් වන නයනතාරා කළු චරිතයක් නිරූපණය කරන්න භාරගෙන තිබෙනවා. මෙතෙක් සුදු චරිත පමණක් රඟපාපු නයනතාරා පළමු වතාවට තමයි කළු චරිතයක් භාරගන්නේ.

තමන්ගේ පවුලේ යහපත උදෙසා ගැහැණියකට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන්. ඉතිං ඇය පවුලේ යහපත උදෙසා නොකළයුතු දේ පවා කරන්න පෙළඹෙනවා. ඒ සංකීර්ණ චරිත නිරූපණය ඉදිරිපත් වෙන්නේ “කෝල්මාවු කෝකිලා” කියන නවතම සිනමා පටයෙන්. කොකෝ කෝකිලා නමින් මේ චිත්‍රපටයම දැන් තෙළිඟු බසින්ද තිරගත කෙරෙනවා.

තම පිළිකා රෝගී මවගේ දිවි බේරා ගැනීම උදෙසා ඇය මත් ජාවාරම්කාර කල්ලියක් සමඟ එකතු වෙනවා. අම්මා වෙනුවෙන් නොමග යන මේ දිළිඳු තරුණියගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නිළි නයනතාරා.

කෝලමාවු කෝකිලා අධ්‍යක්ෂණය කරන්නේ නෙල්සන් දිලිප්. මෙහි සංගීතය අති දක්ෂ ගායකයකු සහ තනු නිර්මාපකයකු වන අනිරුද් රවිචන්ද්‍රගේ. මේ වෙද්දි අතිශය විචාර පැසසුම් මැද කෝලමාවු කෝකිලා තිරගත වෙනවා.

යොග් බාබු, සරන්‍යා පොන්වානන් යන අය මෙහි ප්‍රධාන චරිත රඟදක්වනවා. නයනතාරාව කලු චරිතයක් විදියට භාරගන්න ප්‍රේක්ෂක ජනතාව සූදානම් ද කියලා අපි බලාගෙන ඉමු. ඇය සිය නිරූපණයට කරන සාධාරණත්වය මත ඒ හැම දෙයක්ම තීරණය වේවි.

Tags
Show More
Close