Daily News
Trending

නදීමාල් සීතාට කියපු සින්දුව.




නදීමාල් පෙරේරා කියන්නේ ගායක පරම්පරාවක තුන්වැනි පුරුක. මර්වින් පෙරේරාගේ පුත් අමල් පෙරේරා ගායකයෙක් වෙද්දි ඔහුගේ පුතා නදීමාල් පෙරේරාත් ගායකයෙක් වුණා. විශේෂත්වය තමයි මේ සීයලා, තාත්තලා, පුතාලට වෙනස්ම හැඩයක් තිබුණ එක. ඒ කියන්නෙ තුන්දෙනා තුන්විදියක්.

නදීමාල් නූතන යෞවන යෞවනියන්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර තරුණයෙක්. ඒ වගේම දක්ෂයෙක්. ඉතිං නදීමාල් මේ ළඟදි අලුත් මියුසික් වීඩියෝ එකක් අවුට් කළා. මේ මියුසික් වීඩියෝව තරුණ තරුණියන් අතරට හිතාගන්නත් බැරි වේගයෙන් ගලා ගියා. මේ වෙද්දි යූටියුබ් එකේ සැලකිය යුතු පිරිසක් සින්දුව රසවිඳලත් ඉවරයි.

ඉතිං මේ පාර නදීමාල් “නුරා වසන්තේ” නමින් හඳුන්වාදෙන ගීතයත් අතිශයම ප්‍රේම ගීතයක්. මේ ගීතයේ හැටියට ඔහු සිය පෙම්වතියව සීතාව වගේ භාරගන්නවා.

නුරා වසන්තේ ලියන්නේ උමා අසේනි. සංගීතය නිර්මාණය කරන්නේ පසන් ලියනගේ. වීඩියෝ එක ග්‍රැටිවිටි ක්‍රියේටිව්ස්ලා ගේ.

” පිළිගන්නේ මා
නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා…”

මෙන්න මේ විදියට තමයි නදීමාල්ගේ අලුත්ම ගීතයේ ආදර කතාව ලියවෙන්නේ.

Tags
Show More
Close