Daily News
Trending

ධනංජය සිල්වා පෙම්වතියගේ උපන්දිනය දා ඇයට දීපු අරුම පුදුම තෑග්ග.Exclusive Photos

Dananjaya Silva




Dananjaya Silva Wedding Exclusive from Starfiends.lk

මේ දවස්වල අල්ලපු රටේ වෙඩින්පිට වෙඩින්. ඒ තරම්ම ජයට වෙඩින් ගන්න බැරි වුණාට අපේ අයත් පුළු පුළුවන් හැටියට ඉස්තරම්ම විදියට වෙඩින් එක සමරනවා.

මේ කියන්න යන්නෙත් එහෙම වෙඩින් එකක් ගැන. හැබැයි මේ වෙඩින් එක නම් බොහොම චාමෙට, වැඩි කලබලයක් නැතිව සිදුවුණ වෙඩින් එකක්. මනමාලයා කවුද කියලා ඔයාලා හොදටම දන්නවා. මනමාලයා නිසාම මනමාලියවත් ඉස්සරහට ඔයාලා හඳුනා ගනීවි.

අපි මේ කියන්නේ ධනංජය සිල්වාගේ ( Dananjaya Silva ) විවාහ මංඟල්‍යය ගැන. ඔහුගේ අත ගත්තේ සදුනි නිසංසලා (Sanduni Nisansala). මේ දෙන්නා වැඩි සද්දබද්දයක් නැතිවම හිටි ගමන් විවාහ වුණා. චාමෙට විවාහ උත්සවයකුත් ගත්තා. ධනංජය මේ තීරණය ගන්න ඉක්මන් වෙලා තියෙන්නේ ඇයි දන්නවාද?

Dananjaya Silva

පහුගිය 03 වැනිදා අපේ කණ්ඩායමට නවසීලන්ත තරඟ සංචාරයක් තිබුණානේ. හරියටම ඊට දවස් දෙකකට කලින් තමයි සදුනිගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 1 වැනිදා. ධනංජය එදාට තමන් ආදරය කරන පෙම්වතිය වෙනුවෙන් ගිෆ්ට් එකක් දෙන්න තීරණය කරනවා. ඒ ගිෆ්ට් එක තමයි විවාහය. උපන්දින තෑග්ග විදියට ධනංජය ඇයට දෙන්නේ විවාහ මංඟල උත්සවයක්. ඒ නිසා ධනංජය හදිසියේම දෙසැම්බර් 1 වැනිදා විවාහ දිවියට පිවිසෙනවා.

ධනංජයයි සදුනියි දැන හදුනාගන්නේ කුඩා කාලයේ පටන්මයි. මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇති වන්නේ නම් මීට අවුරුදු 4කට විතර කලින්. මේ පවුල් දෙකම කාලෙකට ඉහතදී ඉදලා දන්න හඳුනන අය. විවාහය කියන්නේ වගකීමක්. ඒ වගකීම දරන්න මම ආසයි. දැන් නම් ධනංජය කියන්නේ අන්න ඒ වගේ කතාවක්. පහු පහු වෙද්දිත් ඒ ආසාව එලෙසම පවතීවා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. සදුනි නම් ගෘහනියක් වන්න දැනටම තීරණය කරලි ඉවරයි. ධනංජයට රසට උයලා දෙන්න සදුනිට පුළුවන්ලු. ධනංජයගේ පවුලේ අය හැමෝම වගේ ධනංජයට කියලා තිබුණේ තනිකඩව හිටියා ඇති කියලාලු. ඒ නිසා මේ විවාහයට ගෙදර අයගෙත් අනුබලය ලැබෙනවා.

සදුනි කියන්නේ ධනංජයගේ මැණික. ධනංජයත් සදුනිගේ මැණික. එහෙමයි මේ කුරුළු ජෝඩුව එකිනෙකාව ආමන්ත‍්‍රණය කරගන්නේ. ධනංජයට වගේම සදුනිටත් අපි ආදරණීය විවාහ ජීවිතයකට ආශිර්වාද එකතු කරනවා.

Dananjaya Silva With Wife
Dananjaya Silva With Wife
Dananjaya Silva With Wife
Dananjaya Silva With Wife
Dananjaya Silva With Wife
Dananjaya Silva

Dananjaya Silva Wedding Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close