Daily News
Trending

දේශපාලනය මට තවත් අපූරු අත්දැකීමක්.




රංඟනයේ සෙනෙහෙලතාව වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා සිය රංඟ ජීවිතයේ අර්ධශතකය පසු කළාය. එතෙක් ඈ පැමිණි ගමන් මග තුළ දුක් බර හා මිහිරි මතකයන් රැසක්, ඇය වෙනුවෙන් සංවිධානය කළ උත්සව ගණනාවකදී ඇය හෙලි කළාය.

පෙම්වතියක්, බිරියක්, මවක්, මිත්තනියක් දක්වා වන කාන්තාවගේ ජීවන චක්‍රයෙන් ඇයට අහිමිවන භූමිකා රැසකි. නමුත් ඈ ඒ භූමිකා සියල්ලටම තිරයේදී පණපොවා තිබුණි. ඒ නිසා ඇය සුවිශේෂී වාසනාවක් සහිත ගැහැණියක යැයි අප පමණක් නොව ඇයද විශ්වාස කළාය.

ගෙවුණ වසර 50ක කාල සීමාව තුළ විඳි දුක් කන්දරාව අපමණ වුණත් ඇය ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නීය. සිනමාව වෙනුවෙන් ඇය කළ කැපකිරීම් අලලා පොතක් ලිවිය හැකි බව ඈ පවසන්නීය.

හැකිතාක් කාලයක් සිනමාවේ රැඳී සිටීම තවමත් මාලනී තුළ ඇති අභිප්‍රාය වෙයි. දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ද අදහස් දක්වන ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නැති බවද කියන්නීය.

සිය රංඟ දිවියේ පනස්වැනි විය පසුකළ ආදරණීය රංඟන ශිල්පිනී සෙනෙහෙලතාවන්ට අපි දීර්ඝායූ ප්‍රාර්ථනා කරමු.

Tags
Show More
Close