Daily News
Trending

දේව්ගේ හිත එක තැනක නතර වෙයි.-දේව් සුරේන්ද්‍ර

Dev Surendra




Dev Surendra Exclusive from Starfriends.lk

දේව් හුඟක්ම ජනප්‍රිය වුණේ දෙවෙනි ඉනිම කතාවේ ඔහු සිදු කරන රංඟනයත් එක්ක. මේ වෙද්දි නම් ඔහු නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කලාවෙදිත් ඔහුව මුණගැහෙනවා. උස මහත නළුවෙක් නිසා දේව් සම්බන්ධයෙන් තරුණ ගැහැනු ළමයින්ට විශේෂ උනන්දුවක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ අයගේ හිත රිදෙයිද දන්නේත් නැහැ. ඒත් අපි දැනගන්න දේවල් ඔයාලා එක්ක බෙදාගන්න එක අපේ යුතුකමනේ. ඒ නිසා මේ ගැන නොකියාත් බැහැ.

ඔන්න අනංගයාගේ හීසර පහරක් දේව්ටත් වැදිලාලු. ඉතින් මේ හීසර පහරට ලක් කරපු කෙනාව දේව් හොර රහසේ මුණගැහිලා ආදරය හුවමාරු කරගන්නවාලු. කෙලින්ම කියනවා නම් දේව් දැන් පෙම්වතෙක්ලු. දේව්ගේ හිත ගත්ත පෙම්වතිය කවුද කියලා දැනගන්න හිතාගෙන මේ ගැන එක්තරා පුවත්පතකින් විමසලා තිබුණා. ඒත් ඔහු නෙමෙයි මේ සම්බන්ධය ගැන කෙල බිඳක්වත් හෙලන්නේ. දන්නෝ දනිති කියලා තමයි ඒ වෙලාවේ ඔහු කියලා ඒ් ප්‍රශ්ණය විමසපු මාධ්‍යයට කියලා තිබුණේ.

දෙවෙනි ඉනිම කතාවේ ධනුකට නම් පෙම්වතියක් මුණගැහිලා තියෙන්නේ. ඒ සම්බන්ධයට ගෙවල්වලින් අකමැත්තකුත් නැහැ. ළඟදීම දෙන්නා විවාහ වෙයි කියලත් තේරෙනවා. කතාවේ චරිතයට වගේම සැබෑ ජීවිතයටත් මංඟල යෝගය උදා වෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. දේව්ට පෙම්වතිය ගැන ළඟදීම මාධ්‍යයට හෙළි කරන්න වෙයි. මොකද ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියලා කතාවක් තියෙනවානේ. හැබැයි ඉතින් වැඩිය අඬබෙර ගහන්නේ නැතිව පවත්වාගෙන යන ආදර සම්බන්ධතාවල අමුතු සුන්දරත්වයක් තියෙනවා. ඒක හොඳින්ම දන්නෙත් ඉතින් දේව්ම තමයි.

Dev Surendra Exclusive from Starfriends.lk

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close