Daily News
Trending

දුලීකා රට අතහැරලා ගිහින් නටන නාඩගම්.. Exclusive Photos




දුලීකලා මේ දවස්වල ඉන්නේ ප්‍රංශේ. ප්‍රංශෙට හිම කඩාහැලෙනවා. දුලීකාටත් තියෙන්නේ සුළුපටු දාංගලයක් නෙමෙයිනේ. ඒකටම තකට තක ස්වාමිපුරුෂයෙකුත් ඉන්නවා. ඒ සුජීව ප්‍රියලාල්. කට්ටියම හිම උඩ නටන නැටුම් ඔක්කොම දුලීකා එයාගේ ෆේස්බුක් ගිණුමට එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි කට්ටිය ප්‍රංශයේ සංචාරය කරන අවස්ථා ෆෙස්බුක් ලයිව් දෙනවා.

ඔයලා දන්නවානේ සම්පත් ජයවීර. අපෝ සුළුපටු විසයක්ද තියෙන්නේ? කට්ටියම හිමේ දාන සෙල්ලම් දුලීකා ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා තිබුණා.

සුජීව ප්‍රියලාල්, දුලීකා මාරපන, සම්පත් ජයවීර, මලී ජයවීරගේ, හේමන්ත ප්‍රසාද් ඇතුළු කණ්ඩායම තමයි මේ විදියට පැරිස් යන්නේ.

ඇයි දන්නවද මේ කට්ටිය හදිසියේම පැරිස් ගියේ? ලෝරන්ස්ගේ මනමාලිව පැරිස් ලාංකිකයන්ට බලන්න සලස්වන්න තමයි මේ හැමෝම පැරිස් ගියේ. පැරිසිය කියන්නේ කලාවට බොහොම ලැදි පිරිසක් ජීවත්වන රටක්නේ. ඒ නිසා ලෝරන්ස්ගේ මනමාලිටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.

ලෝරන්ස්ගේ මනමාලි කියන්නේ අති සාර්ථකව මෙරටදී විශාල වාර ගණනක් වේදිකාගත වුණ ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යයක්. සුජීව ප්‍රියලාල්ගේ වේදිකා නාට්‍යයක් වන මෙහි දුලීකා, සම්පත් ඇතුළු දක්ෂ ශිල්පීන් කිහිපදෙනෙක් සහභාගී වනවා.

වේදිකා නාට්‍යයක් රටින් පිටට අරගෙන යා හැකි තරමට සාර්ථක වනවා කියන්නේ සතුටුදායක තත්ත්වයක්.

ඉතින් කට්ටිය මේ සතුට සමරන්නේ පැරිසියේ විවිධ ස්ථානවලද සංචාරය කරමින්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close