Daily News
Trending

දුලීකායි – දුකායි හඳහන් ගලපගෙන.




දුලීකා මාරපනයි දුක්ගන්නාරාලයි පහුගිය දවසක ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදි මුණගැහුණා. මේ දෙන්නා ගැන ඔයාලා දන්නවානේ? දුකා කියන්නේ මොඩ් ගොවියාව හදුන්වා දුන්න අපේකමත් එකක් නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්. දුලීකා ලංකාවේ දැනට සිටින ප්‍රවීනතම රංගන ශිල්පිනියක්. විවාහයට ප්‍රමාද වුණත් දුලීකාට දැන් හිමිකරුවෙක් ඉන්නවා. ඒ සුජීව ප්රියලාල්. කතාව මේන්න මේකයි. දුලීකට දුකාව මුණගැහෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින්. ඒ දවස්වල ඉතිං දුලීකලා මේ දැන් වගේ ජනප්‍රියත් නැහැලු. ඉතිං ඒ වෙලාවේ කතාබහ කරද්දි දුකා දැනගෙන තියෙනවා දුලීකාත් කුජ හතේ කියලා. කුජ හතේ වුණාම එයා බදින්නත් ඔ්නේ කුජ හතේ කෙනෙක්වමයිලු. ඒකයි කුජ හතේ අයගේ විවාහ ප්‍රමාද වෙන්නෙත්. කොහොම හරි බැලින්නම් දුකාත් කුජ හතේ. ඒත් වැඩේ කියන්නෙ දුලීකාට දුකාව මුණගැහෙද්දි දුකා කසාදයක් එහෙම බැදලා හිටියේ. ඒත් කුජ හතේ අයට කසාද හොයන්න තියෙන අමාරුව දන්න නිසා දුකා ගත් කටටම මෙහෙම කිව්වාලු. අපරාදේ කලින් හමුබවුණාන නම් අපිට බදින්න තිබුණා. මාත් කුජ හතේ මේවා ඉතිං දැන් කතා කරලා තේරුමක් නැහැ තමයි. මොකද දැන් මේ දෙන්නාම තම තමන්ට ගැලපෙන සහකරුවො හොයාගෙන නිසා. දුලීකා වගේම දුකාත් මේ රටේ කලාවට නැතිවම බැරි චරිතනෙ. ඒ බැදීම විවාහයට වඩා ශක්තිමත්. අපිට හිතෙන්නේ එහෙම.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close