Daily News
Trending

දුමාල් බ්‍රෑන්ඩඩ් පිස්සෙක්.




දුමාල් වර්ණකුලසූරියගේ ආදරණීය බිරිය ශෙන්‍යා වර්ණකුලසූරිය තමයි දුමාල්ගේ මේ අරුම පුදුම පිස්සුව ගැන කියන්නේ.

ඊට කලින් කියන්නම ඕනේ. දුමාල් කියන්නේ එයාගේ දුවට පුදුමාකාර විදියට ආදරය කරන තාත්තා කෙනෙක්. දවසක් දුව අසනීප වුණාම දුමාල් අඬන්න ගන්නවාලු. ඉතිං ඒ වෙලාවේ වෛද්‍යවරයාට සිදුවනවා දුමාල්ව කාමරයෙන් එලවගන්නත්.

තමන්ගේ වැඩ පිළිවෙලට කරගෙන වයිෆ්ටවත් කරදර නොකර ජීවත් වෙන කෙනෙක් විදියට තමයි බිරිය ඔහුව හඳුන්වා දෙන්නේ.

දුමාල්ගේ දියණියට තමයි මේ වෙද්දී ඔහු වැඩි පුරම ආදරය කරන්නේ. දුව වෙනුවෙන් එක එක දේවල් අරගෙන දෙන්න ඔහු අත දිග ඇරලා සල්ලි වියදම් කරනවාලු.

දුමාල් සල්ලි වියදම් කරන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි බ්‍රෑන්ඩඩ් පිස්සුව. දුමාල්ට හොඳම බ්‍රෑන්ඩ්වල දේවල් පරිහරණය කිරීමේ උණක් තියෙනවා. විශේෂයෙන්ම පර්ෆියුම්, වොච්, ඇඳුම් වගේ දේවල් බ්‍රෑන්ඩඩ් වර්ගවලින් එකතු කරන්න දුමාල් ආසයි ලු. දැනටත් විවිධ බ්‍රෑන්ඩ් වල පර්ෆියුම් පෙට්ටියක්ම දුමාල් ළඟ තියෙනවාලු.

කොහොම වුණත් බිරිය කියන හැටියට නම් දුමාල් කියන්නේ තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් දයාබර ස්වාමිපුරුෂයෙක්. ඒ වගේම හරිම සංවේදී තාත්තා කෙනෙක්.

Tags
Show More
Close