GossipsHollywood & Bollywood
Trending

දීපිකා රන්බීර්ව බලාපොරොත්තුවෙන් ඉඳලා.

Deepika Padukone




Deepika opens up about the absence of Ranbir at her reception Exclusive from Starfiends.lk

දීපිකා විවාහ වුණේ රන්වීර් සිං එක්ක වුණාට ඊට කලින් දීපිකාගේ පෙම්වතා රන්බීර් කපූර් බව නොදන්න කෙනෙක් නැහැ. දීපිකා රන්බීර් ප්‍රේම කතන්දරේ අතරමඟ බිඳවැටුණේ ඒ අතරට කත්‍රිනා කයිෆ්ගේ පැමිණීමත් එක්ක. මේ හේතුව නිසා දීපිකා-කත්‍රිනා අතර කාලාන්තරයක් තිස්සේ කෝන්තරයක් තිබුණා. වරක් මාධ්‍යවේදියෙක් දීපිකාගෙන් අහනවා වෙඩින් එකට කත්‍රිනාටත් ආරාධනා කරනවා ද කියලා. ඇය ඒ වෙලාවේ කියන්නේ කොහෙත්ම නැහැ කියලා. හැබැයි කාලයත් එක්ක හැමදේම ටික ටික මගහැරෙනවානේ. දීපිකා ඇගේ විවාහයට කත්‍රිනාට ආරාධනා කරනවා. ඒ වගේම කත්‍රිනා දීපිකාගේ වෙඩින් එකට ඇවිත් අවසානය දක්වාම රැඳී ඉන්නවා. දීපිකා නම් කිව්වේ කත්‍රිනාගේ පැමිණීම ඇයට සිදු කළ ගෞරවයක් කියලා.

දීපිකා රන්වීර් විවාහයට පස්සේ මුම්බායිවලදි ෆීල්ඩ් එකේ හිත මිතුරන්ට සාදයක් පැවැත්වූවානේ. ඒකට රන්බීර්ට සහ ඔහුගේ වර්තමාන පෙම්වතිය වූ ආලියාබාත් ට ආරාධනා කරලා තිබුණා. ඒත් මේ දෙන්නාම චිත්‍රපටයක වැඩ තිබෙන බව පවසා මෙම අවස්ථාව මඟහරිනවා. මේ සම්බන්ධයෙන් දීපිකා කියපු කතාව නම් ටිකක් අමුතුයි.

“එයා ආපු නැති එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම එයා ගැන හොඳට දන්නවා. අපි අතරේ තිබුණේ අපූරු බැඳීමක්. ඒ නිසා කිසිම දෙයක් නොකියා හුඟක් දේවල් හිත්වලට දැනෙන්න ඉඩහරින්න පුළුවන් කියලා මම දන්නවා”

මෙන්න මෙහෙම කතාවක් තමයි දීපිකා රන්බීර්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් කියලා තිබුණේ. ඒ වගේම දීපිකා, රන්බීර් සහ ආලියාගේ සම්බන්ධය අතරමග කඩා නොවැටෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

රන්බීර් සහ දීපිකා අතර සම්බන්ධය නතරවෙන්න හේතුවත් දීපිකා කියලා තියෙනවා.

“සම්බන්ධයක් දිගටම පවත්වාගෙන යන්න නම් දෙන්නාට දෙන්නා අවබෝධයෙන් ඉන්න ඕනේ, දෙන්නා ගැන සැළකිලිමත් වෙන්නත් ඕනේ. රන්බීර්ටයි මටයි වැරදුණේ එතැන වෙන්න ඇති”

දීපිකා විවාහයෙන් පස්සෙත් තමන් ගැන විවෘතව කතා කරන්න පසුබට වෙන්නේ නැහැ. මේ දේවල් තේරුම් ගන්න හැකි ඉතාම හොඳ අවබෝධයක් රන්වීර් සිං සහ දීපිකා අතර ඇති බවත් මේ ප්‍රකාශවලින් අපට පැහැදිලි වෙනවා.

Deepika opens up about the absence of Ranbir at her reception Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close