GossipsHollywood & Bollywood
Trending

දීපිකා දෙනෝදාහක් ඉස්සරහා ඇඬුවේ ඇයි? Exclusive Photos & Video

Deepika & Ranveer




Deepika Padukone tears up at Ranveer Singh’s emotional speech:Exclusive from Starfiends.lk

Deepika Padukone

දීපිකා පදුකෝන් කියන්නේ තවමත් නළලත සින්දූර් සලකුණ මැකුණේ නැති, දෑතේ මරතෝන්ඩි රටා මැකුණේ නැති මානාලියක්. රන්වීර් සිං සහ ඇය අතර සිදුවූ විවාහය දෙස් විදෙස් හැමගේ අවධානය දිනාගත්තා. ඒ වගේම දීපිකාගේ විවාහය සම්බන්ධ එක එක මාදිලියේ පුවත් තවමත් අහන්න ලැබෙනවා.

Deepika & Ranveer

බොලිවුඩය මඟුල් සක්වලක් බවට පරිවර්තනය කරමින් ජයටම විවාහ වුණ දීපිකා සහ රන්වීර් විවාහයේ වගකීම් ඇඟට ගත්ත බවක් තවමත් පේන්නේ නැහැ. මේ දෙදෙනාම ඉන්නේ හනිමූන් ගියා වගේ සැහැල්ලුවෙන් සහ ආදරයෙන්. මුඛේශ් අම්බානිගේ දුව වූ ඊෂා අම්බානිගේ දැවැන්ත විවාහ මංගල්‍යයට දීපිකා සහ රන්වීර් සහභාගී වුණේ මේ ආකාරයට විවාහය රසවිඳිමින් සිටින අතරතුරේ. එදා ඊෂා අම්බානි සහ ඔහුගේ මනාලයාටත් වඩා ආකර්ශනය දිනා ගන්න රන්වීර්-දීපිකා සහ ප්‍රියංකා-නික් වැනි අලුත්ම මනාල යුවල සමත්ව තිබුණා. ඒ අතරිනුත් වැඩිම ආකර්ශනයක් එල්ල වුණේ රන්වීර් සහ දීපිකා යුවලට බව තමයි පෙනෙන්නට තිබුණේ. ඊට හේතුව රන්වීර්ටද ඉන්දීය ප්‍රේක්ෂාගාරයක් තිබීම. කොහොමින් කොහොම හරි ඒ අවස්ථාවේ දී දීපිකා සහ රන්වීර් දෙස කැමරා රාශියක් එල්ලවෙලා තිබුණා. ඔවුන් දෙදෙනාම ඉතා නිහතමානීව ඒ කැමරා දෙස බලා සිනාසුණා. විශේෂයෙන්ම රන්වීර් හරිම සතුටින් සහ ක්‍රියාශීලීව සිටින බව ඒ අවස්ථාවේ දී දැකගන්න ලැබුණා.

මේ තරම් ආදරයෙන් ගෙවිලා යන රන්වීර් දීපිකා ප්‍රේම කතාව අතරට කඳුළු ආවේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ. ඒත් ඒක එහෙම වුණා. දෙනෝදාහක් ඉදිරියේ දීපිකා පදුකෝන්ගේ ඇස් රතු කරන්න රන්වීර් සිං කටයුතු කළා. බැඳලා මාස තුනක් ඉකුත් වෙන්නත් කලින් තමන්ගේ භාර්යාවගේ ඇස් රතු කරන ස්වාමිපුරුෂයා කොයි වගේ කෙනෙක් වෙන්න ඇතිද? ඇත්තටම ඔහු රන්වීර් වගේ කෙනෙක් විය යුතුයි.

පහුගිය දිනෙක ප්‍රධාන පෙළේ සම්මාන උලෙළකදී රන්වීර් සිං හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තා. ඒ පද්මාවත් නමැති සිනමා කෘතියේ සිදු කළ රංඟනය වෙනුවෙන්. එම සම්මාන උලළට රන්වීර් සමඟ දීපිකාද සහභාගී වුණා.

පද්මාවත් සිනමා නිර්මාණයට රන්වීර් සමඟ රංඟනයෙන් දීපිකා පදුකෝන් සම්බන්ධ වී සිටියා. සම්මාන ප්‍රදානය අවස්ථාවේ රන්වීර් වේදිකාවට කැඳවද්දී දීපිකා ප්‍රේක්ෂාගාරයේ සිට අත්පොළසන් දුන්නා. ඒ් වෙලාවේ ඇගේ ඇස් දීප්තියෙන් දිලිසුණා.

Deepika & Ranveer

පද්මාවතී සිනමා කෘතිය පද්මාවත් ලෙස නම වෙනස් කිරීමෙන් පසුව තිරගත කරන්න සිදු වුණේ ඒ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා නිසා. පද්මාවත් තිරගතවන විට රන්වීර් සහ දීපිකා ආදරයෙන් වෙළුණු ප්‍රේමවන්තයින්. අද පද්මාවත් වෙනුවෙන් රන්වීර් සම්මාන ලබද්දදී ඔවුන් අඹු සැමියන්. මේ පුදුමාකාර බැඳීම එක්ක සම්මාන වේදිකාවට ගොඩවුණ රන්වීර් තමන්ගේ ලස්සන බිරිය සම්බන්ධයෙන් වචන කිහිපයක් ප්‍රකාශ කරනවා. ඒ වචනවල තිබුණේ ආදරය සහ නැවුම් විවාහයක තිබුණ ප්‍රේමණීය ආකර්ශනය. රන්වීර්ගේ වචන කිහිපය දීපිකාගේ ඇස් කඳුළින් තෙත් කරන්න සමත් වෙනවා. දෙනෝදාහක් ඉදිරියේ දීපිකා කඳුළු සළමින් සිය පෙම්වතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වනවා. මේ දෙදෙනාම ආදරයෙන් සිප වැළඳගෙන එකිනෙකාට ආදරය ප්‍රකාශ කරගන්නවා. පද්මාවත් හී ප්‍රධාන නිළිය ලෙස සහ තමන්ගේ ආදර්ණීය බිරිය ලෙස රන්වීර් දීපිකාව ආදරයෙන් වැළඳගන්නවා.

දීපිකාගේ ඇස් කඳුළින් තෙත් කරන තරමට රන්වීර් වේදිකාවේ දී කිව්වේ මොනවද? ඔහු කිව්ව වචනවල සරල සිංහල අදහස මෙන්න මේ වගේ,

” චිත්‍රපටය තුළ මට රාණීව අහිමි වුණත් සැබෑ ජීවිතයේ දී මට මගේ රාණීව හිමිවුණා. බබා මම ඔයාට ආදරෙයි. පහුගිය අවුරුදු 6ක කාලය තුළ මම ළඟා කරගත්ත හැම දෙයකටම හේතු වුණේ ඔයා මාත් එක්කම හිටපු එක සහ ඔයාගෙන් ලැබුණ රැකවරණය. හැම දේටම ස්තූතියි. මම ආදරෙයි ඔයාට “

රන්වීර් ස්ටේජ් එක උඩ ඉඳලා ප්‍රේක්ෂාගාරයටම ඇහෙන්න මේ වචන ටික කියද්දී දීපිකා විතරක් නෙමෙයි අනිත් හැමෝමත් සංවේදී වුණා.

Deepika Padukone
Deepika & Ranveer
Deepika Padukone
Deepika & Ranveer
Deepika Padukone
Deepika & Ranveer
Ranveer Singh
Deepika Padukone
Deepika & Ranveer
Deepika Padukone

Deepika Padukone tears up at Ranveer Singh’s emotional speech:Exclusive from Starfiends.lk

Tags
Show More

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close