Uncategorized
Trending

දිමංකගෙන් නැටවෙන වෙනසක්.




විරහ ගීත කලාවේ රජ්ජුරුවෝ වගේ හිටපු දිමංක ඔන්න ඒ රජකම අතඇරලා වෙන මාවතක් තෝරගෙනලු. වේදිකා උඩ අඬන ගීත කලාව එපා වෙන තරමට ඒ වර්ගයේ ගායකයෝ වැහිවහින්න ගත්තා. අඬන සින්දු අහලා මිනිස්සුන්ට එපා වෙලා තිබුණේ. කොටින්ම අඬෝවැඩියාව නම් තිත්ත වෙලා තිබුණේ.

මේක දිමංකටත් අවබෝධ වුණා. අඬන සින්දු විතරක්ම කිය කියා හිටපු දිමංක හා හා පුරා කියලා නැටවෙන සින්දුවක් කියන්න තීරණය කරන්නේ ඒකයි. “රත්තරනේ” නමින් රසිකයින් අතරට ආපු මේ සින්දුවට මියුසික් වීඩියෝවකුත් නිර්මාණය වෙනවා. දිමංකත් මේ මියුසික් වීඩියෝවේ ඇති පදමට නටනවා.

ඉස්සර දිමංකගේ සින්දුවලට ආස නැති අය පවා රත්තරනේ සින්දුවට ආසයිලු. හැමෝගෙන්ම මේ අලුත් වෙනසට හොඳ ප්‍රතිචාර ලැබුණාලු.

සින්දුව ගැන කියනවා නම් මේ වචන කැලුම් ශ්‍රීමාල්ගේ. සංගීතය සදීප්ත ගුණවර්ධනගේ.

දිමංකට මේ දවස්වල ප්‍රසංග නම් අඩුයිලු. ඒකට හේතුව කාළගුණික තත්ත්වයලු. කොහොම වුණත් මිනිස්සුන්ට විඳවන සින්දු දෙනවට වඩා විඳින්න පුළුවන් සින්දුවක් දෙන එක කොයිතරම් වටිනවද කියලා දැන් දිමංකට වැටහෙනවා. ඒ අලුත් වෙනස එක්ක තව බොහෝ නිර්මාණ කරන්න හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close