
තරින්දි ජනප්‍රිය වෙන්නේ පැහැසරා ටෙලි නාට්‍යයේ උපමාලි කියන චරිතයෙන්. ඊට පස්සේ ඇය ටෙලි නිර්මාණ කීපයකින්ම දකින්න ලැබෙනවා. ළඟදී සිනමා නිර්මාණයකිනුත් දැක ගන්න ලැබෙනවා කියලා තමයි ඇය කියන්නේ.
නමුත් තරින්දි නම් කියන්නේ ඇයට ඉක්මන් ගමනක් නැහැ කියලා. පැහැසරා කරපු මුල් මාස 18 ට ඇය වෙනත් කිසිම වැඩක් භාරගන්නේ නැහැ. මොකද ඒ වෙද්දී ඇයට ක්ෂේත්රය තුළ හුඟක් අත්දැකීම් තිබුණේ නැහැනේ. එහෙම තියෙද්දී නිර්මාණ කීපයක් භාරගෙන ඒවාට අසාධාරණයක් කරන්න ඇය කැමති වුණේ නැහැ.
තරින්දි එයාගේ පළමු ටෙලි නිර්මාණය වන පැහැසරා වෙනුවෙන් සියයට සියයක් කැපවෙන්නේ ඒ විදියට.
ඒත් දැන් ඇයට මේ ක්ෂේත්රයේ යම් යම් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා නිර්මාණ කිහිපයක් එක විට භාර ගැනීමේ හැකියාව ඇයට තිබෙනවා.
ඒ නිසා දැන් තරින්දිව නිර්මාණ කීහිපයක් ඔස්සේ අපිට මුණගැහෙනවා.