Daily News
Trending

දසුන් එක්ක අවසන් ඉනිමට ආපු ධනංජි කියපු සංවේදී කතාව…




ධනංජි තාරුකා මේ දිනවල අවසන් ඉනිම ටෙලිනාට්‍යය නිසා බොහෝ දෙනා අතර ජනප්‍රියයි.

අවසන් ඉනිමේ ධනංජි රඟපාන්නෙ අපරාධයක් හඹා යන පාසල් ශිෂ්‍යාවකගේ චරිතයකට. ඇය නමින් නර්මදා. නර්මදාගේ හොඳම මිතුරා වන අහස් ලෙස රංඟනයෙන් සම්බන්ධ වන්නෙ දසුන් . අහස් සහ නර්මදා අතර තියෙන්නෙ සමීපව බැඳුනු මිත්‍රත්වයක්. කතාව ගලාගෙන යන්නෙ ඒ මිත්‍රත්වයත් එක්ක.

දසුන් ජීවිතයෙන් සමුගන්න තීරණය කලේ අවසන් ඉනිම විකාශය වන්නත් කලින්. ඇත්තටම ඒක දසුන්ගේ අවසන් ඉනිම බවට පරිවර්තනය වෙලා තිබුණා.

ඉතිං ධනංජි අවසන් ඉනිම සම්බන්ධයෙන් කතා කරද්දි දසුන් සම්බන්ධයෙන් සංවේදී වෙනවා. මොකද මේ නාට්‍යය රූගත කරද්දි දසුන් එක්ක ඇය එකට රඟපානවා. ඒ රංඟනය සමීප මිත්‍රත්වයක් පෙන්නන රංඟනයක්. ටෙලිනාට්‍යය රූගත කර අවසන් වනවිට දසුන් සහ ධනංජි කියන්නෙ අසීමිතව ළංවුන හොඳම මිතුරන්. පහුගිය සිදුවීම් මතක් වෙද්දි ධනංජිට තවමත් විශ්වාස කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි දසුන්ගේ මරණය. එකට එකතුවෙලා විනෝද වූ හැටි කාපු බීපු හැටි ආදී හැම දෙයක්ම තවමත් ධනංජිට මතක් වෙනවාලු.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close